රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම හෙළා දකිමින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අතිමහත් බහුතරයකින් යෝජනාවක් සම්මත කර ගත්තා.
යෝජනාවට පක්ෂව රටවල් 141ක් ඡන්දය ප්‍රකාශ කළා.
ආරක්ෂක කවුන්සිලයේදී යෝජනාවට ඡන්දය නොදුන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය මහා මණ්ඩලයට ගෙනා යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබීම විශේෂත්වයක්.
රටවල් පහක් යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළා.
ඒ රුසියාව, බෙලරුසය, එරිත්‍රියාව, උතුරු කොරියාව සහ සිරියාවයි.
ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය සහ චීනය ඇතුලු රටවල් 35ක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටියා.
ඒ අතුරින් බහුතරයක් ආසියානු රටවල් වීම කැපී පෙනුණා.
රුසියාව සිය ආක්‍රමණය වහාම නතර කළ යුතු බවත්, තම හමුදා ඉවත් කළ ගත යුතු බවත් සහ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අනුකූලව කටයුතු කළ යුතු බවට මෙම යෝජනාව ගෙන එනු ලැබුවා.
ඡන්ද ප්‍රතිඵලය තිරය මත සටහන් වීමත් සමඟ මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වූ නියෝජිතයන් සිය අසුන්වලින් නැගිට අත්පොලොසන් ගසමින් යෝජනාව සම්මත වීම සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කළා.
නීත්‍යානුකූල බැඳීමක් නොමැති වුවද එම ප්‍රතිඵලයට ගෝලීය වශයෙන් යම් දේශපාලන අගයක් තිබෙනවා.
නමුත් එය මොස්කව්හි මිලිටරි ආක්‍රමණය වෙනස් කිරීමකට හේතුවනු ඇත්ද යන්න සැක සහිතයි.
යුක්රේන ආක්‍රමණය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ විශේෂ මහා මණ්ඩල සැසිවාරයක් කැඳවනු ලැබුවේ ආරක්ෂක කවුන්සිලයේ යෝජනාවකට අනුවයි.
1997 වසරෙන් පසු විශේෂ මහා මණ්ඩල සැසිවාරයක් කැඳවනු ලැබූ පළමු අවස්ථාව මෙය වීමත් විශේෂත්වයක්.