28 C
Colombo
Monday, May 6, 2024

චීනයේ හඳුනා නොගත් නිව්මෝනියා රෝගයක්

- Advertisement -

ගෙවුණු දින කිහිපය පුරා චීනය තුළ හඳුනානොගත් නව නිව්මෝනියා රෝගී තත්ත්වයක් ව්‍යාප්ත වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය පවසනවා.

චීනයේ බීජිං, ලියෝනින් ඇතුළු තවත් නගර රැසක ළමා  රෝහල් මෙම රෝගයෙන් පෙළෙන ළමයින්ගෙන් පිරීගොස් ඇති බව චීනයේ රාජ්‍ය අංශයට අයත් නොවන මාධ්‍ය වාර්තා කර තිබුණා.

මේ අතර, උතුරු චීනයේ ව්‍යාප්ත වෙමින් පවතින මෙම රෝගී තත්ත්වය පිළිබඳ සියලු තොරතුරු තමන් වෙත ලබාදෙන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයට දැනුම් දී තිබෙනවා..

එමෙන්ම මෙම රෝගී තත්වය පැතිර යාම වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්න ලෙසද ලෝක සෞඛ්‍ය සංවිධානය්‍ චීන බලධාරීන් වෙත අවධාරණය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

තායිවාන මාධ්‍ය වාර්තා කළේ උතුරු චීන ළමයින් අතර මෙම නිව්මෝනියා රෝග වසංගත තත්ත්වය ව්‍යාප්ත වෙමින් පවතින අතර චීන බලධාරීන් එය වසන් කරමින් සිටින බවයි.

2019 වසරේදී ලොව පළමු නිල කොවිඩ් රෝගියා වාර්තා වූයේ චීනයේ වූහාන් නගරයෙන් වාර්තා වුණා.

කොවිඩ් වෛරසය වූහාන් හි විද්‍යාගාරයක් තුළ සකස් කළ බවටත්, එය වැළඳුණු රෝගීන් පිළිබඳ කලක් වසන් කළ බවටද චීනයට චෝදනා එල්ල වූ අතර ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමටත් ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර ගෙන තිබුණා.

RECENT ARTICLES - SINHALA

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...