28 C
Colombo
Thursday, May 2, 2024

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයෙන් ඇෆ්ගනිස්ථානයට පණිවිඩයක්

- Advertisement -

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය ඇෆ්ගනිස්ථානයේ සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් අඛණ්ඩව සිදු වන දරුණු ත්‍රස්තවාදී ප්‍රහාර හෙළා දැක තිබේ.

අඛණ්ඩව සිදු වන ප්‍රහාර සඳහා සම්බන්ධ ප්‍රහාරකයන්, සංවිධායකයින්, මූල්‍ය සපයන්නන් මෙන්ම ත්‍රස්තවාදයට අනුග්‍රහය දක්වන්නන් සියල්ලන් ඒ සඳහා වගකිව යුතු බව එම කවුන්සිලය අවධාරණය කර ඇත.

එම කවුන්සිල‍ය නිකුත් කර ඇති නිවේදනය මගින් අප්‍රේල් 29 වන දින කාබුල්හි කලීෆා සාහිබ් දේවස්ථානයට එල්ල වූ ප්‍රහාරය දැඩි ලෙස හෙළා දැක ඇති අතර එම ප්‍රහාරයෙන් අවම වශයෙන් පුද්ගලයින් 30 දෙනෙකු මිය ගොස් තවත් බොහෝ දෙනෙකු තුවාල ලබා තිබේ.

රාමදාන් මාසය තුළ ඇෆ්ගනිස්ථානය පුරා ආගමික සුළුතර ප්‍රජාවන් ඇතුළු සිවිල් වැසියන්ට සහ සිවිල් යටිතල පහසුකම්වලට ප්‍රහාර රැසක් එල්ල විය.

මෙම පිළිකුල් සහගත ත්‍රස්තවාදී ක්‍රියාවන්ට වගකිව යුතු පුද්ගලයන් නීතිය ඉදිරියට ගෙන ඒමේ අවශ්‍යතාවය අවධාරණය කර ඇති එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය සියළුම රාජ්‍යයන් තම වගකීම්වලට අනුකූලව මේ සම්බන්ධයෙන් සහයෝගයෙන් කටයුතු කළ යුතු බව ද අවධාරණය කර තිබේ.

RECENT ARTICLES - SINHALA

කම්කරුවා – කම්කරුවා හැටියට මාකට් කරන අවසන් කම්කරු රැළිය තමයි මේක-මනූෂ

රට යළි වතාවක් දියුණු රටක් කරන්නට යන ගමනේ මංගල වෙඩි මුරය මැයි දින දින රැළියත් සමග සනිටුහන් කරන බවත් ජනතාවගේ ජීවන ප්‍රශ්නය විසඳන සැබෑ...

නිදහස් පක්ෂයේ මැයි රැළියට නිල් ඇදන් විජේදාසත් ඇවිත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ "රට රකින ජන පවුර" මැයි දින රැළිය අද(01) ගම්පහ නගර සභා ක්‍රීඩාංගණයේදී විශාල ජන සහභාගිත්වයකින් පවත්වා තිබෙනවා. ඒ සඳහා හිටපු ජනාධිපති...

මැයි රැලියේ රනිල් රහසක් කියලා

ශ්‍රී ලංකාවේ හොඳම නැකැත් ඇත්තේ රටට සහ එක්සත් ජාතික පක්ෂයට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැළිය ආමන්ත්‍රණය කරමින් ජනාධිපති...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සජබේ වේදිකාවක් නිසා කොළඹ කොටුවේ දැඩි රථවාහන තදබදයක්

හෙට (01) දින යෙදී ඇති මැයි දිනයට සමගාමීව සමඟි ජන බලවේගය විසින් සංවිධානය කර ඇති උත්සවයක වේදිකාවක් තැනීම සඳහා කොළඹ චැතම් වීදියේ, ටෙලිකොම් ආයතනය...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...