මෙරට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ ඉන්දියානු විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් අතර මාර්ගගත හමුවක් පවත්වා තිබෙනවා.
එහිදී ඉන්දියාව, ශ්‍රී ලංකාවේ ස්ථීර සහ විශ්වසනීය හවුල්කරුවෙකු වීම යළිත් තහවුරු කළ බවයි, එරට විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් ට්විටර් සටහනක් තබමින් පවසා සිටින්නේ.
එමෙන්ම, ඇමරිකානු ඩොලර් මිලියන 400ක මූල්‍ය හුවමාරු පහසුකමක් මෙන්ම කල් දැමූ ACU ණය පියවීම ඩොලර් මිලියන 515.2 ක දීර්ඝ කිරීමක් සම්බන්ධව මෙහිදී සාකච්ඡා වූ බවයි එහි දැක්වෙන්නේ.
අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා ඩොලර් බිලියන 1 ක කාලීන ණය පහසුකමක් සහ ඉන්ධන මිලදී ගැනීම සඳහා ඩොලර් මිලියන 500ක් ඉක්මනින් ලබාදීම පිළිබඳව මෙහිදී සාකච්ඡා වූ බවත් ඔහු වැඩිදුරටත් පවසනවා.