24 C
Colombo
Thursday, March 30, 2023

ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමව සිටි ඌවතැන්නේ සුමන හිමියන්ට ජනපති සමාව

- Advertisement -

ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමව සිටි පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමියන්ට ජනපති සමාව ලබාදීමට කටයුතු කර ඇති බවට ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරනවා.

2010 ජනාධිපතිවරණයට දින කිහිපයකට පෙර එනම් ජනවාරි 02 වැනි දා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් මාළිගාවත්ත බෝධිරාජරාම විහාරස්ථානය වටලනු ලැබූවා.

එහිදී විහාරස්ථානයේ තිබී T 56 ගිනි අවි 2 ක් සහ ජීව උණ්ඩ 210 ක් සොයාගනු ලැබූවා.

ඉන් අනතුරුව නීති විරෝධී අන්දමින් ගිනි අවි සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරදකරු කරනු ලැබූ මාළිගාවත්ත බෝධිරාජාරාමාධිපති පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමියන්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වුණා.

ඌවතැන්නේ සුමන හිමියන්ට අමතරව එම විහාරස්ථානයේ විහාරවාසී මාවෙල සුබෝධ හිමි සහ හිටපු LTTE සාමාජිකයින් යැයි කියන පී. රාජබාලන්, කේ. තමිල්සෙල්වම් සහ චන්ද්‍රනම් සුබ්‍රමනියම් යන අයට ද අධි චෝදනා එල්ල වූ අතර නඩු විභාගය අතරතුරදී ඔවුන් චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය නියෝග කළා.


RECENT ARTICLES - SINHALA

අර්ජුනට ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ධුරයෙන් අස්වෙන්න කියයි

0
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු සහ හිටපු අමාත්‍යවරයෙකු වන අර්ජුන රණතුංග මහතාට ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ධුරයෙන් වහාම ඉල්ලා අස්වන ලෙස...

කටුනායක ආරක්ෂාව තර කෙරේ – හේතුව මෙන්න

0
කටුනායක ගුවන් තොටුපොළේ ආචාරශීලි මෙන්ම සුහද බව කෙලෙසන සහ විවිධ අක්‍රමිකතාවල යෙදෙන පුද්ගලයන්ට මෙතෙක් නියම කර තිබුණු රුපියල් 25000 දඩ මුදල ලක්ෂය...

රට හදන හැටි ජනපති කියයි

0
මෙරට සිසු පරපුර 2048 වන විට රට භාර ගැනීමට හැකිවන පරිදි නවීන තාක්ෂණයෙන් සියලු අංශ පිළිබඳව සන්නද්ධ විය යුතු බව ජනාධිපති රනිල්...

RECENT ARTICLES - ENGLISH

Breaking: Fuel prices reduced

0
The price of a litre of Octane 92 Petrol is reduced by Rs 60 from midnight today. Litre of...

Sangeeth Nipun Sanath Nandasiri passed away

0
Sangeeth Nipun Sanath Nandasiri who was ill for a prolonged period, passed away at his residence today (28) at age of 81.

MR predicts LG Election date

0
Former PM Mahinda Rajapaksa today said Local Government Election 2023 will be held before December this year. Speaking to...