29 C
Colombo
Sunday, June 4, 2023

මන්ත්‍රීවරුන්ට වාහන ගෙන්වන්නේ නැහැ; LC විවෘත කරේ ගිලන් රථ ගෙන්වීමට – මහින්දානන්ද

- Advertisement -

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වාහන ආනයනය කිරීම සිදුනොවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. 

මේ මොහොතේ වාහන ආනයනය නොකළ යුතු බව සියලු දෙනාගේම තීරණය වූ බවත් එබැවින් අදාළ වාහන ආනයනය කිරීමේ යෝජනාව තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කළ බවත් අමාත්‍යවරයා පවසනවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“මේ වාහන ගැන සියලු දෙනාගේම තීරණය වුණේ මේ මොහොතේ වාහන ගෙන්විය යුතු නෑ කියන එක. වාහන ගෙන්වන තීන්දුව ගත්තේ කථානායකතුමා විසින්, මේක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන බලපත්‍ර දෙන්න ඕනේ. එල් සී විවෘත කරලා තියෙන්නේ ගිලන් රථ සඳහායි.”

කෙසේ වෙතත් වාහන ආනයනය පිළිබඳව ඊයේ (14) දිනයේදී රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා පළ කළේ මීට වෙනස් අදහසක්.

අමාත්‍යවරයෙක් හට වාහන 3කට හිමිහම් ඇති බවත් ආනයනය කරන වාහනයක් ලබා ගැනීමේ කිසිඳු වරදක් නොමැති බවත් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළ අතර දේශපාලඥයන් දෙස වෛරයෙන් නොබලන ලෙසත් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියා.

මේ අතර අද (15) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසා සිටියේ වාහන ආනයනය කිරීම සඳහා විවෘත කර තිබූ ණයවර ලිපි සම්බන්ධයෙන් අදාළ මූල්‍ය සමාගම් සමග සාකච්ඡා කොට ඒවා අවලංගු කිරීමට මුදල් අමාත්‍යංශය පියවර ගෙන ඇති බවයි.

“ප්‍රතිපත්තිමය තීන්දුව එක්කම සෑම දෙයකම ක්‍රියාවලියක් තියෙනවා. ණයවර ලිපි විවෘත කිරීමේදී පාර්ශ්ව තුනක් එකඟතාවයකට එනවා. භාණ්ඩාගාරය, බැංකුව සහ නිෂ්පාදකයා. මේ පාර්ශ්ව 3ම එකඟ වුණා මෙය අවලංගු කරන්න.”


සබැඳි ලිපි..

RECENT ARTICLES - SINHALA

දිස්ත්‍රික්ක තුනකට අවදානම් නිවේදන

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට නායයෑමේ අවදානම් නිවේදන නිකුත් කර තිබෙනවා. ඒ අනුව බදුල්ල, ගාල්ල සහ  කලුතර...

හොරුන්ගෙන් යැපෙන ජනාධිපති හොරු අල්ලන්නේ නෑ- සජිත්

හොරුන්ගෙන් යැපෙන නායකයෙකුට හොරු ඇල්ලීම සිදුකල නොහැකි බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ, උදාවක ඇරඹුම වැඩසටහන යටතේ තිස්සමහාරාම...

සිසුන් 31කට යාපනය විශ්වවිද්‍යාලය තහනම් වෙයි

යාපනය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් 31 දෙනෙකුට එම විශ්වවිද්‍යාලයට ඇතුළුවීම තාවකාලිකව තහනම් කර තිබෙනවා. ඒ, එම විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන...

RECENT ARTICLES - ENGLISH

Excellent win for Sri Lanka

Sri Lanka defeated Afghanistan by 132 runs in 42.1 overs in the second one-day international against Afghanistan. Afghanistan were...

Risk notices for three districts

0
Landslide warnings have been issued in three districts due to inclement weather. According to the National Building Research Organization,...

Jaffna University bans 31 students

A total of 31 students studying at the University of Jaffna have been temporarily barred from entering the university.