26.4 C
Colombo
Thursday, March 28, 2024

ප්‍රවීන රංගන ශිල්පී සරත් චන්ද්‍රසිරි මහතා අභාවප්‍රාප්ත වෙයි

- Advertisement -

ප්‍රවීණ රංගන ශිල්පී සරත් චන්ද්‍රසිරි මහතා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබේ.

මොළයේ අභ්‍යන්තරයේ සිදුවූ රුධිර වහනයක් හේතුවෙන් පසුගිය සති කිහිපය පුරාවට ඒ මහතා කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබීය.

1964 වසරේ උපන් ඒ මහතා මියයන විට 57වන වියෙහි පසුවිය.

මේ අතර ප්‍රවීණ රංගන ශිල්පී සම්පත් තෙන්නකෝන් මහතාද ඊයේ පෙරවරුවේ අභාවප්‍රාප්ත වුණා.

කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය ඒ මහතා 62 හැවිරිදි වියේ පසුවුණා.

ප්‍රවීණ රංගන ශිල්පිණී රත්නා ලාලනී ජයකොඩි මහත්මියගේ දයාබර සැමියා වන ඒ මහතා දයාරත්න රටගෙදරගේ ගුරුලිපි නාට්‍යයෙන්, වේදිකා නාට්‍ය රංගනයට පිවිසි සම්පත් තෙන්නකෝන් මහතා තලමල පිපිලා, පුත්‍ර සමාගම, ගුරු තරුව, සුදු රෙදි හොරු, රෝමය ගිනිගනී, හිට්ලර්, අඹුසැමියෝ, නුඹ විතරක් තලඑලළුයි ආදී වේදිකා නාට්‍ය රැසකට රංගනයෙන් දායක වී තිබෙනවා.

රංදොරටුව, බුමු තුරුණු සහ භාග්‍යා වැනි ටෙලි නාට්‍යවලද අහස් මාළිගා, මධුරි, ගිනිඅවි සහ ගිනිකෙළි, සරෝජා, පත්තිනි, සිරි පැරකුම්, සිරි රජ සිරි ආදී චිත්‍රපටවලද ඔහු රංගනයෙන් දායක වුණා.

RECENT ARTICLES - SINHALA

අද අපි සිංහල අවුරුද්ද සමරන්නේ ජනපති නිසා – වජිර

පසුගිය වසර තුනක කාලයක් අලුත් අවුරුද්ද සැමරීමට ජනතාවට අවස්ථාව හිමි නොවු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. නමුත් රටේ සියලු ජනතාවට මෙවර අලුත් අවුරුද්ද...

මහරගම බෝ ගසේ අත්තක් කඩා වැටී දෙදෙනෙකුට තුවාල

මහරගම නගරයේ පිහිටි බෝ ගසක අත්තක් කඩා වැටී තිබෙනවා. මෙයින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බව පොලිසිය පවසනවා. මේ හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින...

බාෂික් ව අත්අඩංගුවට ගැනීමට එරෙහි අතුරු තහනම් නියෝගය දීර්ඝ කෙරේ

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය විසින් නදිම් බාෂික් නමැත්තකු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නිකුත්කර තිබෙන අතුරු තහනම් නියෝගය අප්‍රේල් 29 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය...

POPULAR ARTICLES

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අරක්කු මිල පහළට?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර සුරා බද්ද අඩු කළහොත් ගල් අරක්කු බෝතලයක මිල අඩු කළ හැකි බව නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම්...