ඉකුත් 19 වෙනිදා වේයන්ගොඩ මාලිගාතැන්න ප්‍රදේශයේදී පුද්ගලයෙකුගේ අත් පා වෙන්වන ආකාරයට කපා කොටා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම සම්බන්ධයෙන් සැකපිට බස්නාහිර පළාත් අපරාධ කොට්ඨාශය මගින් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබුණා.
අපරාධ ක්‍රියාවලිය සම්බන්ධ විමර්ශනයකට යැයි පවසමින් අද (28) අළුයම පෑලියගොඩ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් පිරිසක් සමඟ මෙම පුද්ගලයා වේයන්ගොඩ – හල්ගම්පිටිය ප්‍රදේශයට රැගෙන ගොස් තිබෙනවා.
එහිදී ඇතිවූ සිදුවූ යම් සිදුවීමකින් අනතුරුව සැකකරු රෝහල්ගත කිරීමේදී මියගොස් ඇති බවටයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කරන්නේ.
නමුත් එම යම් සිදුවීම කුමන ආකාරයේ සිදුවීමක්දැයි හෝ සැකකරු වේයන්ගොඩට රැගෙන ගිය යම් විමර්ශනය කුමක්දැයි ඔහු සදහන් කරන්නේ නැහැ.
මියගිය පුද්ගලයා වේයන්ගොඩ – බාඳුරාගොඩ ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි නිශාන්ත කුමාරසිරි නැමැති පුද්ගලයෙක්.
මොහු මංකොල්ලකෑම් කිහිපයකටද සම්බන්ධ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ.






