ග්‍රාම නිලධාරීන් මුහුණදී සිටින ගැටලු රැසකට වහාම විසඳුම් දෙන ලෙස ඉල්ලා ලබන 6 සහ 7 දෙදින අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක කරන බව ග්‍රාම නිලධාරී සංගම් එකමුතුව පවසනවා.
ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමයේ සභාපති නන්දන රණසිංහ මහතා පැවසුවේ ග්‍රාම නිලධාරීන්ගේ රාජකාරී සඳහා වර්තමානයේ දෙන පහසුකම් කිසිසේත්ම ප්‍රමාණවත් නොවීමේ ගැටලුව සම්බන්ධයෙන් අවස්ථා රැසකදී බලධාරීන් දැනුවත් කළද ඒ සඳහා කිසිදු පියවරක් මේ දක්වා නොගත් බවයි.
ඒ අනුව, ම නිලධාරී සේවා ව්‍යවස්ථාවක් හැකි ඉක්මනින් ක්‍රියාත්මක කළ යුතු බවත් ග්‍රාම නිලධාරීන්ගේ දීමනා හැකි ඉක්මනින් වර්තමානයට ගැලපෙන ලෙස ඉහළ දැමිය යුතු බවත් නන්දන රණසිංහ මහතා වැඩිදුරටත් පවසා තිබෙනවා.