28 C
Colombo
Thursday, May 2, 2024

වසර 64කට පසු ලෝක කුසලානයකට සුදුසුකම් ලැබූ වේල්සයේ ගමන් පළමු වටයෙන්ම නිමාවන ලකුණු

- Advertisement -

ඉරානය හමුවේ අවසන් මොහොතේ ලද පරාජය හේතුවෙන් වසර 64 කට පසු පාපාන්දු ලෝක කුසලාන තරගාවලියකට සුදුසුකම් ලැබූ වේල්සයේ ලෝක කුසාලාන සිහිනය පළමු වටයෙන්ම බොඳ වන ලකුණු පහළ වී තිබෙනවා.

Roozbeh Cheshmi 98 වැනි මිනිත්තුවේදි සහ Ramin Rezaeian 101 වැනි මිනිත්තුවේදී රැස් කළ ගෝල දෙක ඉතිහාසයේ පළමුවරට ලෝක කුසලානයක පිිලිමලුන් පිටුදැකීමේ වටයට සුදුසුකම් ලැබීමට ඉරානයට වැඩි අවස්ථාවක් උදාකර දුන්නා.

තරගයේ 86 වැනි මිනිත්තුවේදී Medhi Taremi හට අනතුරුදායක ලෙස අභියෝග කිරීමේ වරදට වේල්ස් දැල් රකින ක්‍රීඩක Wayne Hennessey තරගයෙන් පිටියෙන් ඉවත් කිරීමට (red card) විනිසුරු තීරණය කළා.

ඒ සඳහා වීඩියෝ පුනරූපන සහය යොදා ගත් අතර එම තීරණය වේල්සයේ ජයග්‍රහණය පිළිබඳ අපේක්ෂා බොහෝ ඈතට විසි කළ තීරණයක් වුණා.

ලෝක කුසලාන පාපන්දු තරගාවලියක දැල් රකින ක්‍රීඩකයෙකුට රතු කාඩ් පතක් ලැබුණේ ඉතිහාසයේ තෙවැනි වරටයි.

ඉරානය සහභාගීවන තරගවල තවත් සුවිශේෂි අවදානයට ලක්වන අවස්ථාවක් වන්නේ ජාතික ගීය ගායනා කිරීම වන අතර එංගලන්තය සමග පළමු තරගයේදී ඔවුන් එරට ආණ්ඩු විරෝධී උද්ඝෝෂකයින්ට සහය පල කිරීමක් ලෙස ජාතික ගීය ගායනා කිරීමෙන් වැලකුණා.

නමුත් වේල්සය සමග තරගයේදී ඉරාන ක්‍රීඩකයින් ජාතික ගීය ගායනා කළද ප්‍රේක්ෂකයන් එහිදී හු හඬ නගමින් ඊට විරෝධය පළකරනු දක්නට ලැබුණා.

ඉරානය මෙම ජයග්‍රහණය ලැබුවේ එංගලන්තයට එරෙහිව පළමු තරගය 6 – 2 ක් ලෙස දරුණු පරාජයකින් අනතුරුව වීමත් විශේෂත්වයක්.

මෙම පරාජයත් සමග තරගාවලිය තුල තවදුරටත් රැඳී සිටීමට නම් ලබන අඟහරුවාදා එංගලන්තය සමග පැවැත්වෙන තරගය ජය ගැනීම වේල්සයට අනිවාර්ය වනවා.

ඉරානයට මෙම කාණ්ඩයේ ඊළඟ තරගය තිබෙන්නේ ඇමෙරිකාව සමගයි.

මේ අතර A කාණ්ඩයේ එංගලන්තය සහ ඇමෙරිකාව අතර පැවති තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් වුණා.

ඉරානය සමග දෙදිනකට පෙර පැවති තරගයේ දී මෙන් ආක්‍රමණශීලී ක්‍රිඩා විලාශයක් එංගලන්ත ක්‍රීඩකයින්ගෙන් දක්නට නොලැබුණු අතර Weston McKennie ට ලැබුණු පහසු අවස්තාවක් ගිලිහී ගිය අතර Christian Pulisic එල්ල කළ පහරක් ගෝල කණුවේ වැදී නතර වුණේ එංගලන්තයේ අවාසනාවටයි.

RECENT ARTICLES - SINHALA

කම්කරුවා – කම්කරුවා හැටියට මාකට් කරන අවසන් කම්කරු රැළිය තමයි මේක-මනූෂ

රට යළි වතාවක් දියුණු රටක් කරන්නට යන ගමනේ මංගල වෙඩි මුරය මැයි දින දින රැළියත් සමග සනිටුහන් කරන බවත් ජනතාවගේ ජීවන ප්‍රශ්නය විසඳන සැබෑ...

නිදහස් පක්ෂයේ මැයි රැළියට නිල් ඇදන් විජේදාසත් ඇවිත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ "රට රකින ජන පවුර" මැයි දින රැළිය අද(01) ගම්පහ නගර සභා ක්‍රීඩාංගණයේදී විශාල ජන සහභාගිත්වයකින් පවත්වා තිබෙනවා. ඒ සඳහා හිටපු ජනාධිපති...

මැයි රැලියේ රනිල් රහසක් කියලා

ශ්‍රී ලංකාවේ හොඳම නැකැත් ඇත්තේ රටට සහ එක්සත් ජාතික පක්ෂයට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැළිය ආමන්ත්‍රණය කරමින් ජනාධිපති...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සජබේ වේදිකාවක් නිසා කොළඹ කොටුවේ දැඩි රථවාහන තදබදයක්

හෙට (01) දින යෙදී ඇති මැයි දිනයට සමගාමීව සමඟි ජන බලවේගය විසින් සංවිධානය කර ඇති උත්සවයක වේදිකාවක් තැනීම සඳහා කොළඹ චැතම් වීදියේ, ටෙලිකොම් ආයතනය...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...