31 C
Colombo
Saturday, July 27, 2024

රට වසන්නැයි වැදි නායකයත් ඉල්ලයි

- Advertisement -

රට වසන්නැයි සෞඛ්‍ය අංශ,වෛද්‍යවරුන් හා විද්වතුන් ඉල්ලිමක් කරන්නේනම් මේ අවස්ථාවේ රජය කළ යුත්තේ එම ඉල්ලිමට ඇහුම්කන් දෙමින් යම්කිසි කාලසිමාවකට හෝ රට වසාදැමිම බව ආදිවාසි නායක ඌරිවරිගේ වන්නියලැත්තන් පවසයි.

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ රන්දෝලි පෙරහැර දින පෙර රජ දවස සිට සම්ප්‍රදායිකව සිදුකෙරෙන මිපැණි පුජාව සඳහා සහභාගිවිමෙන් අනතුරුව ඊයේ මාධ්‍ය හමුවේදි අදහස් පළ කරමින් වන්නියලැත්තන් පවසන්නේ කොවිඩ් වසංගතය හේතුවෙන් උද්ගතව තිබෙන අර්බුදකාරි අවස්ථාවට පිළියමක් රට වසන්නැයි විද්වතුන් යෝජනා කරන්නේ නම් ඊට අවනත වියයුතු බවයි.

මේ අතර, කොවිඩ් වසංගත ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අවම වශයෙන් සතියක කාලයක් සඳහාවත් රට වසා දමන්නැයි සියම් නිකායේ අස්ගිරි පාර්ශ්වයේ සහ මල්වතු පාර්ශ්වයේ මහ නාහිමිවරුන් ජනාධිපතිවරයාගෙන් සහ අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටිනවා.

ලිපි යොමු කරමින් උන්වහන්සේලා ඉල්ලා සිටින්නේ වත්මන් කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් රටේ සමස්ත ජනතාවම මහත් ව්‍යවසනයකට මුහුණ පා සිටින බැවින් ජන ජිවිතය සුරක්ෂිත කිරිම සඳහා සෞඛ්‍ය විශේෂඥයින් ගේ උපදෙස් හා නිර්දේශ පරිදි සතියක පමණ කාලයකට හෝ රට වසා දමා ජනතාවට අවශ්‍ය පහසුකම් සලසමින් රෝග ව්‍යාප්තිය පාලනය කිරිම උදෙසා පියවර ගන්නා ලෙසයි.


RECENT ARTICLES - SINHALA

මෛත්‍රිගෙන් දයාසිරිට අභියෝගයක්

ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන බලවේගය සමග එක් වීමට දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මේ වන විටත් ගිවිසුම්ගත වී සිටින අතර ඒ සම්බන්ධයෙන්...

අගමැති හදන්නේ විධායකයයි අධිකරණයයි අතර ගැටුමක් හදන්න-ඉරාන්

පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන්න නියෝගය පිළිනොගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ...

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...