31 C
Colombo
Saturday, May 18, 2024

මේ කෙටි පණිවිඩය ආවොත් ප්‍රවේශමෙන්

- Advertisement -

තැපැල් දෙපාර්තමේන්තුවේ නම යොදා කෙටි පණිවුඩයක් යොමුකර සිදුකරන ජාවාරමක් පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබෙනවා.

තැපැල් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ජනතාව වෙත දැනුම්දෙන්නේ එවැනි කෙටි පණිවුඩ වෙත සිය රහස්‍ය තොරතුරු සැපයීමෙන් වැළකී සිටින ලෙසටයි.

පාර්සලයක් සඳහා ගාස්තු ගෙවන ලෙස දන්වා ශ්‍රී ලංකා තැපෑලෙන් නිකුත් කළ කෙටි පණිවුඩයක් ලෙස ව්‍යාජ ලෙස සකස් කළ කෙටි පණිවුඩයක් මහජනතාව වෙත යවා ණය කාඩ්පත් දත්ත සොරකම් කිරීමේ ජාවාරමක් සිදුකරන බවට හෙළිවී තිබෙනවා.

ශ්‍රී ලංකා තැපෑල, ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව, SL POST, Sri Lanka Post ආදී නම් යොදා ගනිමින් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය ද උපක්‍රමිකව අවභාවිත කරමින් මෙම ජාවාරම ක්‍රියාත්මක කෙරෙනවා.

ඒ අනුව තැපැල් දෙපාර්තමේන්තුව පවසන්නේ සිය දෙපාර්තමේන්තුව විසින් කෙටි පණිවුඩ මගින් ණය කාඩ්පත් තොරතුරු විමසීමක් කිසිසේත් සිදු නොකරන අතර ණය කාඩ්පත් මගින් පාර්සල් සම්බන්ධ කිසිදු ගණුදෙනුවක් සිදු නොකෙරෙන බවයි

එසේම මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු විමසීමට අවශ්‍ය නම් තැපැල් දෙපාර්තමේන්තු උපකාරක සේවාව 1950, තොරතුරු තාක්ෂණ අංශය 011 2542104,011 2334728, 0112335978, 011 2687229, 011 2330072 යන අංක වෙත ඇමතීමෙන් ලබාගත හැකියි.

RECENT ARTICLES - SINHALA

ප්‍රසිද්ධියේ සමාව ගන්න.එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම

දශක ගණනාවක් පුරාවට අතුරුදන් කිරීමට ලක්වූ දහස් ගණනකගේ ඉරණම පිළිබඳව සහ ඔවුන් සිටින ස්ථාන හෙළි කිරීමටත් එම අපරාධවලට වගකිව යුත්තන්ට දඬුවම් පැනවීමටත් ශ්‍රී ලංකා...

මුහුදුබඩ ප්‍රදේශවලට අනතුරු ඇඟවීමක්

කල්පිටියේ සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා තද වැසි, තද සුළං සහ රළු මුහුදු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත්...

ඉදිරි මාස දෙකේදී විදුලි බිල අඩු කරන්න පුළුවන් – අගමැති

ඉදිරි මාස දෙක තුළ විදුලි බිල අඩු කිරීමට හැකි බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී දිනේෂ් ගුණවර්ධන මහතා මේ...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

ලාල් කාන්ත ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට තහනම් නියෝගයක්

මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් වෘත්තිය සමිති නායකයින් කිහිපදෙනෙකු ඇතුළු පිරිසකට තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. කේ ඩී ලාල්කාන්ත, මහින්ද ජයසිංහ, රන්ජන් ජයලාල් ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව...