30.3 C
Colombo
Friday, April 26, 2024

කාබුල් අගනුවරට තවත් ප්‍රහාර එල්ලවේ යැයි අනතුරු ඇඟවීමක්

- Advertisement -

කාබුල් අගනුවර තවත් ප්‍රහාර එල්ල වනු ඇතැයි ඇමෙරිකානු බුද්ධි අංශ අනතුරු අඟවයි.

ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවරට බ්‍රහස්පතින්දා පස්වරුවේ එල්ල වූ ප්‍රහාරවලින් මියගිය සිවිල් වැසියන්ගේ ගණන මේ වනවිට 85 දක්වා ඉහළ ගොස් තිබේ.

මෙම ප්‍රහාරවලින් ඇමෙරිකානු සොල්දාදුවෝ 13 දෙනෙක් ද මියගියහ.

අයි.එස්. සංවිධානයේ අයි.එස්. කේ. ශාඛාව මෙම ප්‍රහාරවල වගකීම බාරගෙන තිබෙන අතර ගුවන් තොටුපොළ ආසන්නයේ මරාගෙන මැරුණු බෝම්බ ප්‍රහාර දෙකක් සහ වෙඩි තැබීමක් සිදුව ඇතැයි දැනට වාර්තා වේ.

කාබුල් නුවරට එල්ල වූ ප්‍රහාරවලින් ඇෆ්ගන් වැසියන් 72 දෙනකු මියගොස් ඇතැයි ද, තලේබාන් සංවිධානයේ සාමාජිකයන් 28 දෙනකු මියගොස් ඇතැයි ද සෞඛ්‍ය අංශ පවසයි.

ප්‍රහාරයෙන් මියගිය සහ තුවාල ලැබූවන් සම්බන්ධයෙන් මේ වනවිට විදෙස් මාධ්‍ය විවිධ සංඛ්‍යා ඉදිරිපත් කර ඇති අතර කාබුල් නුවර අස්ථාවරත්වය හේතුවෙන් තත්ත්වය උග්‍ර අතට හැරී තිබේ.

තලේබාන් සංවිධානයේ සාමාජිකයන් 28 දෙනකු මියගොස් ඇති බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරන බව තලේබාන් සංවිධානයෙන් ප්‍රකාශකයෙක් පසුව පැවැසීය.

ගුවන් තොටුපොළේ ආරක්ෂාවට යොදවා සිටි කිසිදු ආරක්ෂකයකු මිය නොගිය බව ද ඔහු කීය.
සිය හමුදා භටයන් 13 දෙනකු මියගිය බව ඇමෙරිකානු හමුදා ප්‍රකාශ කළේය.

RECENT ARTICLES - SINHALA

ගාසා ළමා අරමුදලට මුදල් පරිත්‍යාග රැසක්

ගාසාහි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund)...

අපරාධවලින් ඉපයූ ධනය යළි අය කරගන්න නීතියක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සඳහා එළැඹ ඇති ගිවිසුම අනුව 2014 වර්ෂය වන විට වත්කම් අය කර ගැනීම සම්බන්ධයෙන් පරිපූර්ණ...

නීතිඥ සංගමයට සජබෙන් ආරාධනයක්

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කිරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමයට ආරාධනා කර තිබෙනවා. ශ්‍රී...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...