25 C
Colombo
Sunday, May 19, 2024

අතුරුදන්ව සිටි තරුණිය ඝාතනය කරලා ?

- Advertisement -

ගම්පොළ වැලිගල්ල ඇල්පිටිය ප්‍රදේශයේ දී පසුගිය 7 වැනි දා අතුරුදහන් වූ 22 හැවිරිදි ෆාතිමා මූනවුවරා නමැති තරුණිය ඝාතනය කොට ඇල්පිටිය ප්‍රදේශයේ පොල්වත්තක වලදමා ඇතැයි කියන ස්ථානය ගම්පොළ පොලිසිය විසින් අද(12) සොයාගෙන තිබෙනවා.

සිය නිවසේ සිට සේවා ස්ථානයට පා ගමනින් ගමන් කරමින් සිටියදි නිවසේ සිට මීටර් 100ක දුරකදී එම තරුණිය අතුරුදහන් වූ බවට ගම්පොළ පොලිසියට පැමිණිලි කර තිබුණා.

ඒ අනුව පොලීසිය විසින් මෙම තරුණියගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් එළුවන් බලන තරුණයක් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී මෙම තරුණියට බලහතකාරකම් කිරීමට උත්සහ කළ අවස්ථාවේ ඇය ප්‍රතික්ෂේප කිරීම නිසා ඇය කැලෑ බද ප්‍රදේශයකට ඇදගෙන ගොස් ඝාතනය කර වළ දැමූ බව ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

මෙම තරුණිය ඝාතනය කර වලදමා ඇති බවට කියන ස්ථානය අසන්නයේ ළඳුකාලෑවේ තිබී තරුණියගේ සෙරප්පුවක් හා වතුර බෝතලයක් කුඩයක කොටසක් සොයාගත් බව පොලිසිය සඳහන් කළා.

ගම්පොළ ඔස්සලක සේවය කරන මෙම තරුණිය ඉකුත් 7 වැනි අතුරුදහන්වී තිබුණා.

RECENT ARTICLES - SINHALA

ඇඳුමක් නිසා පොලීසියෙන් පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහර දීලා

ශ්‍රී ලංකා පොලීසියේ ලාංඡනය සහිත කමිසයක් පැළඳ සිටිම මුල් කරගනිමින් පොලිස් නිලධාරීන් පිරිසක් පුද්ගලයෙකුට පහරදී තිබෙනවා. පහරකෑමට ලක්වූයේ වසර 17ක් පොලිස් සේවයේ නියුතුව වැඩ තහනම්...

ට්‍රාන්ස්ෆෝමරයක් අසලින් නාඳුනන මළ සිරුරක් හමුවෙයි

ගම්පහ - ඉහළ යාගොඩ ප්‍රදේශයේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් අසල වැටී සිටි නාදුනන පුද්ගලයකුගේ මළ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. වයස අවුරුදු 30 ක් පමණ වන බවට...

බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් 26කට තුවාල

කෑගල්ල - අවිස්සාවේල්ල මාර්ගයේ කෝට්ටපොල ප්‍රදේශයේදී පුද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුවී තිබෙනවා. එම අනතුරින් පුද්ගලයින් 26 දෙනෙකු තුවාල ලබා ඇති අතර...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

තත්පර 12න් ඩොලර් මිලියන 25ක් සොරකම් කරලා

තත්පර 12කින් ඩොලර් මිලියන 25ක් (පවුම් මිලියන20ක්) සොරකම් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ මැසචුසෙට්ස් තාක්ෂණ ආයතනයේ ඉගෙනුම ලැබූ සහෝදරයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා...