26 C
Colombo
Friday, March 29, 2024

ඇෆ්ගනිස්තානය තුළ අන්තවාදී ඉස්ලාමීය සංවිධාන තුනක් එක්වීමේ අවදානමක්

- Advertisement -

ඇෆ්ගනිස්තානය තුළ අන්තවාදී ඉස්ලාමීය සංවිධාන තුනක් එක්ව කටයුතු කිරීමේ අවදානමක් මතුව ඇතැයි ආරක්ෂක විශ්ලේෂකයන් පිරිසක් අනතුරු අගවා තිබේ.

මේ වනවිට ඇෆ්ගනිස්තානය තුළ තලේබාන්, අල්කයිඩා සහ ISKP යන අන්තවාදී ඉස්ලාමීය සංවිධාන තුනක් ප්‍රධාන වශයෙන් ක්‍රියාත්මක වේ.

⁣ෆොරින් පොලිසි සඟරාවේ සදහන් වාර්තාවකට අනුව ISKP සහ තලේබාන් යන සංවිධාන රට තුළදී සතුරන් ලෙස කටයුතු කළත් ඔවුන් අතර යම් යම් සබදතා ද පවතී.

ISKP සංවිධානයේ ආරම්භක නායක හෆීස් සහීඩ් ඛාන් ප්‍රසිද්ධ පකිස්තාන තලේබාන් නායකයකු බව ද එම ලිපියේ දැක්වේ.

මේ අතර අල්කයිඩා සංවිධානය මේ වන විටත් තලේබාන් සංවිධානය සමග ඉතා සමීපව කටයුතු කරනු ලබයි.

විශේෂයෙන් දරුණු ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස සැලකෙන හක්කානි ජාලය හරහා මෙම සංවිධාන ඒකාබද්ධව කටයුතු කිරීමේ අවදානමක් ඇති බව විශේෂඥ මතය වී තිබේ.

මෙම වි⁣ශේෂඥයන් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ යම් යම් වෙනස්කම් පැවතියද තීරණාත්මක අවස්ථාවකදී බටහිර රටවලට එරෙහිව එක්ව කටයුතු කිරීම සදහා මෙම සියලු ත්‍රස්තවාදී සංවිධාන එක්වීමේ අවදානමක් පවතින බැවින් සමස්ත ලෝකයම ඒ සම්බන්ධයෙන් අවධානයෙන් පසු විය යුතු බවයි.

RECENT ARTICLES - SINHALA

අද අපි සිංහල අවුරුද්ද සමරන්නේ ජනපති නිසා – වජිර

පසුගිය වසර තුනක කාලයක් අලුත් අවුරුද්ද සැමරීමට ජනතාවට අවස්ථාව හිමි නොවු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. නමුත් රටේ සියලු ජනතාවට මෙවර අලුත් අවුරුද්ද...

මහරගම බෝ ගසේ අත්තක් කඩා වැටී දෙදෙනෙකුට තුවාල

මහරගම නගරයේ පිහිටි බෝ ගසක අත්තක් කඩා වැටී තිබෙනවා. මෙයින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බව පොලිසිය පවසනවා. මේ හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින...

බාෂික් ව අත්අඩංගුවට ගැනීමට එරෙහි අතුරු තහනම් නියෝගය දීර්ඝ කෙරේ

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය විසින් නදිම් බාෂික් නමැත්තකු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නිකුත්කර තිබෙන අතුරු තහනම් නියෝගය අප්‍රේල් 29 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

අරක්කු මිල පහළට?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර සුරා බද්ද අඩු කළහොත් ගල් අරක්කු බෝතලයක මිල අඩු කළ හැකි බව නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම්...