34 C
Colombo
Friday, May 3, 2024

මෙහෙ ඉන්න යුක්‍රේන අයයි රුසියන් අයයි ගහගනීද කියලා අපිට බයයි – උදයංග වීරතුංග

- Advertisement -

මේ වන විට යුක්‍රේන ජාතික සංචාරකයින් 3000 ක් පමණ මෙරට රැදී සිටින බව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා පවසනවා.

ඔහු සදහන් කරන්නේ මාස 03 හා මාස 06 යන කාලයක් සඳහා පැමිණි යුක්‍රේන ජාතිකයින් විශාල පිරිසක් දකුණු පළාතේ වැලිගම, මිරිස්ස ප්‍රදේශ ආශ්‍රිත හෝටල්වල රැදී සිටින බවයි.

එමෙන්ම එම ප්‍රදේශවල රුසියානු සංචාරකයින්ද රැදී සිටින බැවින් ඔවුන් අතර ගැටුම් ඇතිවිය හැකි බව වීරතුංග මහතා පෙන්වා දෙනවා.

එබැවින් එවැනි ගැටුමක් ඇති වුවහොත් හෝටල් කළමණාකාරීත්වය මැදිහත්ව එවැනි ගැටුම් මැඩපවත්වන ලෙසට තමන් අදාළ හෝටල්වලට දැනුම්දුන් බව උදයංග වීරතුංග මහතා පවසනවා.

මේ අතර සංචාරක අමාත්‍යංශය පවසන්නේ යුක්‍රේන සංචාරකයින් 4,000ක් පමණ මේ වන විට මෙරට රැඳී සිටින බවයි.

ඔවුන් දින 30ක කාලයක් සඳහා මෙරටට පැමිණ ඇති බැවින් දින 30 කින් එම සංචාරකයින්ගේ වීසා කාලය අවසන් වීමට නියමිත බව සංචාරක අමාත්‍යංශය පෙන්වා දෙනවා.

එහෙත් යුක්‍රේනයේ පවතින යුද ගැටුම් හේතුවෙන් තවදුරටත් මෙරට රැඳී සිටිමට කැමැත්ත දක්වන සංචාරකයින්ට වීසා කාලය දීර්ඝ කිරීමට කටයුතු සලසාදෙන ලෙස අදාළ සංචාරක නියෝජිතයින්ට උපදෙස් ලබාදී ඇති බව සංචාරක අමාත්‍යාංශය සඳහන් කරනවා.

අදාළ වීසා කාලය අවසන්වීමෙන් පසු සිය රට බලා යාමට අවශ්‍ය සංචාරකයින්ට සෘජුව යුක්‍රේනයට ගුවන් ගමන් සිදුනොවන බැවින් වෙනත් රටවල් හරහා යළි සිය රටට යෑමට අවශ්‍ය කටයුතු සලසාදෙන ලෙස ද එම නියෝජිත ආයතන වෙත උපදෙස් ලබාදී ඇති බව සංචාරක අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා.


RECENT ARTICLES - SINHALA

අරාබියේ බන්ධනාගාරවල සිටි ලාංකිකයන් 44කට රාජකීය සමාව

අප්‍රේල් මාසයට යෙදුණු රාමදාන් උත්සවය වෙනුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බන්ධනාගාරවල සිටි ශ්‍රී ලාංකිකයන් හතළිස් හතර දෙනෙකුට රාජකීය සමාව ලබා දී ඇතැයි විදේශ කටයුතු...

කටුනායක වීසා ගැටලුව ගැන රජයෙන් පිළිතුරක්

ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයන් රටට ඇතුළු වීමේදී On-Arrival ක්‍රමය යටතේ වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පෞද්ගලික ආයතනයකට ලබා දී ඇත්තේ කැබිනට් අනුමැතිය සහිතව බව රජයේ...

වෛද්‍ය සිසු විරෝධතාවයට පොලිසියෙන් ජල ප්‍රහාර

UPDATE : 5.08 PM විරෝධතාකරුවන් පාලනය කිරීම සඳහා පොලීසියෙන් මීට සුළු මොහොතකට පෙර ජල ප්‍රහාර එල්ල කර තිබෙනවා. ......................................................................................................................... වෛද්‍ය පීඨ සිසුන්ගේ විරෝධතාවයක් හේතුවෙන් මේ වනවිට...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...