30.7 C
Colombo
Saturday, April 27, 2024

පිටකොටුවේ පාවෙන වෙළෙඳ සංකීර්ණය ආයෙත් අපි හදනවා – ප්‍රසන්න

- Advertisement -

පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණය (Floating Market) යළි පණ ගැන්වීමේ ව්‍යාපෘතිය සඳහා ජපන් ආයෝජකයකු ඉදිරිපත්ව තිබෙනවා.

මේ සඳහා වන මූලික අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් මහතා සහ ජපන් ආයෝජක අකිර හිරෝස් (Akira Hirose) මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල, නාගරික සංවර්ධන අධිකාරියේදී ඊයේ (27) දින සිදු කෙරුණා.

ඒ අනුව පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණය කළමනාකරණය හා පවත්වාගෙන යාම මෙම ජපන් ආයෝජනය මඟින් සිදු කිරීමට නියමිතයි.

එමෙන්ම මෙම ව්‍යාපෘතිය යටතේ එය ජපන් ආයෝජකයාට වසර 30කට බදු දීමට නියමිතයි.

විදෙස් ආයෝජකයින් ඉලක්ක කර ගනිමින් හා පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණය සංචාරක පුරවරයක් ස්ථාපනය කිරීම මෙහි අරමුණ වී තිබෙනවා.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය පවසන්නේ මෙම සංවර්ධනා ව්‍යාපෘතිය සඳහා මාස 6 ක කාලයක් ගතවනු ඇති බවයි.

කොළඹ පිටකොටුවේ බැස්ටියන් මාවතේ පිහිටා ඇති පාවෙන වෙළඳපොල වෙළඳ කුටි 92 කින් සමන්විත අතර බේරේ වැවේ බෝට්ටු මත ස්ථාපිත වෙළඳ කුටි ගණනාවක්ද එහි තිබෙනවා.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දී ඇත්තේ දැනට එහි වෙළදාම් කටයුතු සිදු කරන කඩ හිමියන්ට කිසිදු අසාධාරණයක් නොවන අයුරින් මෙය සංවර්ධනය කිරීමට පියවර ගන්නා ලෙසයි.

එවකට රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්ව සිටි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයක් මත පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණය  (Floating Market) 2014 අගෝස්තු 25 වන දින විවෘත කෙරුණා.

නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම්වලට අනුව පාවෙන වෙළඳ සංකීර්ණය  ඉදිකිරීම සඳහා වැය වූ මුදල රුපියල් මිලියන 352ක්.

ඒ සඳහා වැය වූ සම්පූර්ණ වියදමින් 50% ක් වසර 05 කදී උපයා ගැනීම මෙම වෙළඳ සංකීර්ණයේ මූලික ඉලක්කය වී තිබුණා.

ලෑලි දිරාපත් වීම, විදුලි ආලෝක පද්ධතිය නිසි පරිදි ක්‍රියාත්මක නොවීම , අනාරක්ෂිත බව , අපිරිසිදු වටපිටාව, දුර්ගන්ධය මෙන්ම නීති විරෝධී සහ විනය විරෝධී ක්‍රියා සිදුවීම නිසා පසුගිය කාලයේදී මෙම පාවෙන වෙළද සංකීර්ණය දිනෙන් දින පරිහානියට පත්ව තිබුණා.

RECENT ARTICLES - SINHALA

ඕස්ට්‍රේලියාවෙන් ලංකාවට ගුවන් යානයක්

ශ්‍රී ලංකාවේ සාගර ආරක්ෂණ කටයුතු වෙනුවෙන් ගුවන් යානයක් පරිත්‍යාග කිරීම සඳහා ඕස්ට්‍රේලියාවේ විදේශ කටයුතු සහ වෙළෙඳ  දෙපාර්තමේන්තුවේ (දකුණු සහ අග්නිදිග ආසියානු  කලාපයේ) නියෝජ්‍ය ලේකම්...

‘රනිල්ට ඉඩ දෙන්න’ යතුරු පැදි රැළියක්

"රනිල්ට ඉඩ දෙමු” නමින් යතුරු පැදි රැළියක් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය අසලින් අද (27) පෙරවරුවේ ආරම්භ කර තිබෙනවා. රට වටා දිස්ත්‍රික්ක රැසක සංචාරය කරන මෙම...

යතුරුපැදියක් ගවයෙකුගේ ගැටී තරුණයෙක් මරුට

වැලිකන්ද, සිංහපුර මාර්ගයේ 07 වන කිලෝ මීටර් කණුව අසල සිදුවූ අනතුරකින් තරුණයෙකු මියගොස් තිබෙනවා. පොලීසිය පැවසුවේ, අදාළ තරුණයා යතුරුපැදයකින් ගමන් කරමින් සිටියදී මාර්ගයේ සිටි...

POPULAR ARTICLES

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් ගැන සුසිල්ගෙන් දැනුම් දිමක්

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් සඳහා 60,000ක් ඉල්ලුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. එහි කටයුතු ලබන සතිය වන විට අරඹන බවත් විද්‍යාපීඨ...