29 C
Colombo
Saturday, May 4, 2024

මෙරට විශාලම මැයි රැළිය පවත්වන්න අපි කටයුතු කරනවා – සජිත්

- Advertisement -

මෙරට විශාලම මැයි රැළිය පැවැත්වීමට කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා මේ පිළිබඳව සඳහන් කර සිටියේ, මඩකලපුව ප්‍රදේශයේ පැවති සමගි වනිතා සමුළුව අමතමින්.

මැයි දිනය පැවැත්වීමට තමන් ඉල්ලා සිටි ස්ථානය ලබා නොදුන්නත් විශාලම මැයි රැළිය පැවැත්වීමට තමන් කටයුතු කරන බවද විපක්ෂනායක්වරයා එහිදී සද්දන් කර සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු,

“වර්තමාන ආණ්ඩුව, ආණ්ඩුවත් එක්ක මුක්කු ගහන විපක්ෂයේ කණ්ඩායමුත් හොදටම බය වෙලා සමගි ජන බලවේගයට. හොදට ජනතාව ගෙන්නන්න පුළුවන් තැනක් දෙන්න අපේ මැයි දින රැළිය පවත්වන්න. අපි ඉල්ලුව තැන අපිට ලබා නොදී ඒගොලොන්ට හිතෙන වෙනත් කණ්ඩායමකට ඒක ලබා දෙන්නට කටයුතු කරලා තිබෙනවා. මං අහන්න කැමති මේ ආණ්ඩුවෙන් ඇයි සමගි ජන බලවේගයට ඔච්චර බය? මම මේ රජයට කියන්න කැමති කරුණාකරලා ජාන්ත්‍යන්තර කම්කරු දිනයේ මේ නීච, නින්දිත දේශපාලනික වශයෙන් පහත් වැඩේ කරන්නට ඔබ කටයුතු කරන්න එපා. ඔබ තැනක් දුන්නත් නැතත් ලක්ෂ සංඛ්‍යාත ජනතාව කොළඹට ගෙනල්ලා ලොකුම ප්‍රජාත්න්ත්‍රවාදී ජන රැල්ල ක්‍රියාත්මක කරන්නට කටයුතු කරනවා. ”

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...