30 C
Colombo
Wednesday, May 1, 2024

මධ්‍යම අධිවෙිගය හැදුවෙ අපි..! ; ළකුණු එයාලට

- Advertisement -

මධ්‍යම අධිවෙිගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වන කොටසේ කිලෝමීටර් හතළිස් එකෙන් 37ක වැඩ යහපාලන ආණ්ඩුව විසින් අවසන් කර තිබූ බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා.

වත්මන් ආණ්ඩුව වසර දෙකක් පුරාවට අවසන් කළේ ඉතිරි කිලෝ මීටර් හතරක් පමණක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

දින 52 කුමන්ත්‍රණය වන විටත් අදාල කිලෝමීටර් 41න් 37ක වැඩ අවසන් කර තිබූ බවත් වත්මන් ‍රජය අධිවේගී මාර්ගයේ කිලෝමීටර් හතරක් පමණක් ඉදි කොට දැන් ලකුණු දාගන්නට උත්සහ කරන බවත් කිරිඇල්ල මහතා පවසනවා.

2015 වසරේ දී යහපාලන ආණ්ඩුව පත් වන විට අධිවේගී මාර්ගයේ බිම් අඟලකවත් මැනීම් කටයුතු සිදු කර නොතිබූ බව කී කිරිඇල්ල මහතා යහපාලන ආණ්ඩුව පත්වූ පසු වන්දි ගෙවා ඉඩම් අත්පත් කර ගැනීම සිදුකළ බව ද සඳහන් කළේය.

ඉන්පසුව 2016 වසරේ ඔක්තෝම්බර් මාසයේ එහි වැඩ පටන් ගත් බව කී කිරිඇල්ල මහතා දේශීය කොන්ත්‍රාත් කරුවන් 16 දෙනෙකුට එහි වැඩ බාර දුන් බවත් එම මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සඳහා කිසිදු විදේශ ණයක් නොගත් බවත් මහා භාණ්ඩාගාරයේ මුදලින් පමණක් එහි ඉදිකිරීම් කටයුතු කළ බවත් කිරිඇල්ල මහතා පවසනවා.

RECENT ARTICLES - SINHALA

කම්කරුවා – කම්කරුවා හැටියට මාකට් කරන අවසන් කම්කරු රැළිය තමයි මේක-මනූෂ

රට යළි වතාවක් දියුණු රටක් කරන්නට යන ගමනේ මංගල වෙඩි මුරය මැයි දින දින රැළියත් සමග සනිටුහන් කරන බවත් ජනතාවගේ ජීවන ප්‍රශ්නය විසඳන සැබෑ...

නිදහස් පක්ෂයේ මැයි රැළියට නිල් ඇදන් විජේදාසත් ඇවිත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ "රට රකින ජන පවුර" මැයි දින රැළිය අද(01) ගම්පහ නගර සභා ක්‍රීඩාංගණයේදී විශාල ජන සහභාගිත්වයකින් පවත්වා තිබෙනවා. ඒ සඳහා හිටපු ජනාධිපති...

මැයි රැලියේ රනිල් රහසක් කියලා

ශ්‍රී ලංකාවේ හොඳම නැකැත් ඇත්තේ රටට සහ එක්සත් ජාතික පක්ෂයට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැළිය ආමන්ත්‍රණය කරමින් ජනාධිපති...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සජබේ වේදිකාවක් නිසා කොළඹ කොටුවේ දැඩි රථවාහන තදබදයක්

හෙට (01) දින යෙදී ඇති මැයි දිනයට සමගාමීව සමඟි ජන බලවේගය විසින් සංවිධානය කර ඇති උත්සවයක වේදිකාවක් තැනීම සඳහා කොළඹ චැතම් වීදියේ, ටෙලිකොම් ආයතනය...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...