29 C
Colombo
Saturday, May 4, 2024

අපි පැයකටවත් පක්ෂය දාලා ගියේ නැහැ – ලසන්ත අලගියවන්න

- Advertisement -

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නීත්‍යානුකූල නොවන දේශපාලන මණ්ඩල රැස්වීමක් අද (20) පවත්වා ඇති බවට එම පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක චෝදනා කරනවා.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට පක්ෂ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර ඇති පසුබිමකයි මෙම රැස්වීම කැඳවා තිබුණේ.

දුමින්ද දිසානායක වැඩිදුරටත් ප්‍රකාශ කළේ, අදාළ දේශපාලන මණ්ඩල රැස්වීම එම පක්ෂයේ ලේකම් දුෂ්මන්ත මිත්‍රපාලගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇති බවටයි.

එහිදී අදහස් දැක්වූ ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා,

“එක්සත් ජාතික පක්ෂයට ගියා, විවිධ දේශපාලන පක්ෂවලට ගියා කියලා කියන සියලුම අය එහෙම කරපු අය තමයි. මේ අපි පැයකටවත් විනාඩියකටවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර දාලා නොගිය අය”

රැස්වීම පැවැත්වූ බව කියන කොළඹ හෝටල් පරිශ්‍රයකට ඒ පිළිබඳ සොයා බැලීමට පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක සමග රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ද එක්ව සිටියා.

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...