35 C
Colombo
Tuesday, February 27, 2024

කපුටා, නයා, පොළඟා සහ ප්‍රසන්න

- Advertisement -

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආර්ථික ප්‍රතිපත්තිය කාක් කූඩුවේ හදපු කොහා පැටවකු වැනි යැයි අයවැය විවාදය අරඹමින් සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඉකුත් 31වෙනිදා කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග අද (02) දින පවසා සිටියේ කොහාගේ බිත්තර රකින්නේ පොහොට්ටුවේ පිරිස බවත් ඒ බිත්තර කෑමට එන නයි – පොළොන්ගුන්ට පොහොට්ටුවේ පිරිස කෙටීමට බලාපොරොත්තුවෙන් සිටින බවත් ය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“ජනාධිපතිතුමා ඒ සියල්ල අමතක කරලා රට ගැන හිතලා රට අර්බුදයෙන් ගොඩ ගන්න ඒ අයට ආරාධනා කළා. විපක්ෂය එතුමා කපුටු කූඩුවේ බිත්තර දැමූ කොහෙකුට සමාන කරනවා. එරබදු මල් පිපිලා අවුරුදු එන බව අපිට මුලින්ම කියන්නෙත් කොහා කියලා මතක තියාගන්න.

ඔව්, අපි ඒ කොහාට බිත්තර දාන්න අපි අපේ කූඩුව දුන්නා.අපි කැමැත්තෙන් දුන්නේ. කොහා කියලා දැනගෙන දුන්නේ. ඒ නිසා අපි කොහාට කොටන්න යන්නේ නෑ. එතුමා මුලින්ම කුඩු හදන්න උත්සහා කළේ ඔබතුමාලා එක්ක. ඔබතුමාලා තමයි එතුමාට කොටලා එලෙව්වේ”


RECENT ARTICLES - SINHALA

ව්‍යවසායකයින් ශක්තිමත් කරන්න ණය යෝජනා ක්‍රමයක්

ක්ෂුද්‍ර ,සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය නැවත පණ ගැන්වීම සඳහා ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. රජය පවසන්නේ සුළු හා මධ්‍ය...

සැමියාගේ පහරදීමෙන් බිරිඳ මරුට

නොරෝච්චෝල - කරඹ ප්‍රදේශයෙ සිය සැමියාගේ පහර කෑමට ලක්වී බිරිඳ අද (27) මරණයට පත්ව ඇති බව නොරෝච්චෝල පොලිසිය පවසනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ, නොරෝච්චෝල...

දස දහසක අල්ලස් මුදලක් ගත් පොලිසියේ දෙදෙ‍නෙක් අත්අඩංගුවට

රථ වාහන වරදක් සමතයකට පත්කර දීමට රුපියල් 10,000 මුදලක් අල්ලසක් වශයෙන් ලබාගත් ඉත්තෑපාන පොලිස් ස්ථානයේ පොලිස් සැරයන්වරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු අල්ලස් හෝ දුෂණ චෝදනා...

POPULAR ARTICLES

පාසල් විෂයන් ගණන අඩුවෙන්නේ මෙහෙමයි

06 වන ශ්‍රේණියෙන් ඉහළ දරුවන්ට දැනට පාසලේදී හැදෑරීමට ඇති අනිවාර්ය විෂය සංඛ්‍යාව ඉදිරියේ දී විෂයන් 07ක් දක්වා අඩු කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය...

හැනිබල්ටත් ICCයෙන් දඬුවමක්

පසුගිය 21 වනදා ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැති තෙවන සහ අවසන් විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ අවසන් පන්දුවාරයේ දී ඉනට ඉහළින් යොමු වූ පන්දුවක්, එම...

උසස් පෙළ අවසන් කළ සිසුන්ට සුබ පණිවිඩයක්

උසස් පෙළට පෙනී සිටි සිසු දරුවන් සඳහා වෘත්තිය පුහුණුව ලබන මස 05 වනදා සිට ආරම්භ කෙරෙන බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. ඔහු මෙම අදහස්...