27 C
Colombo
Thursday, May 2, 2024

අපරාධ කරලා හැංගිලා ඉන්න පුළුවන් සංස්කෘතිය වෙනස් කරන්න ඕනෑ – සිරිල් ගාමිණී පියතුමා (වීඩියෝ)

- Advertisement -

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අධ්‍යයනය කර සොයාගත් තොරතුරු රැසක් මුලාශ්‍ර සහිතව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ බව සිරිල් ගාමිණී පියතුමන් පවසනවා.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා සිරිල් ගාමිණී පියතුමන් අද (19)  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබුණා.

එහිදී පැය 4 ක ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව  මාධ්‍ය වෙත අදහස් පළ කරමින් සිරිල් ගාමිණී පියතුමන් සඳහන් කර සිටියේ අද දින භාරදුන් කරුණු පිළිබඳව ගැඹුරින් අවධානය යොමුකිරීම තුළින් පමණක් වුවත් පාස්කු කුමන්ත්‍රණය ගැන සොයාගත හැකි බවයි.

පසුගිය දිනක ජනාධිපතිවරයා වෙත පිටු 12 කින් සමන්විතව යොමු කළ ලිපියද අද සිරිල් ගාමිණී පියතුමන් විසින්  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර තිබුණා.

එළැඹෙන ඉරුදින වෙන විට පාස්කු ප්‍රහාරය එල්ල වී වසර 5ක් සපිරීම නිමිත්තෙන් පාගමනක් ද සංවිධානය කර ඇති අතර  සියලු ජනතාවට ඒ සමග එක්වෙන ලෙස ද සිරිල් ගාමිණී පියතුමන් මෙහිදී ආරාධනය කර තිබෙනවා.

“අපි ඉල්ලා සිටිනවා කතෝලික සහ කතෝලික නොවන සෑම කෙනෙකුගෙන්ම එකතු වෙන්න කියලා මේ හඬත් සමග එකතු වෙන්න කියලා. අපිට ඕනේ කතෝලිකයින්ට සාධාරණය ඉෂ්ට කරලා දෙන්න නෙමෙයි. අපිට ඕනේ මේ සංස්කෘතිය වෙනස් කරන්න. ඒ කියන්නේ අපරාධයක් කරලා සැඟවිලා ඉන්න පුළුවන් කියන සංස්කෘතිය වෙනස් කරන්න. ඒක ජාතික කාර්යයක්. ඒ වෙනුවෙන් එකතු වෙන්න.”

RECENT ARTICLES - SINHALA

ගමට ගිහින් බය නැතුව කියන්න ජනාධිපතිවරණය දිනන්න පෙහොට්ටුවේ ආශිර්වාදය තියෙන්න ඕන කියලා- මහින්ද

මෙම මැයි රැලිය ඉතා තීරණාත්මක එකක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. බොරැල්ල කැම්බල් පිටියේ පැවති ශ්‍රී ලංකා පොදුජන...

කම්කරුවා – කම්කරුවා හැටියට මාකට් කරන අවසන් කම්කරු රැළිය තමයි මේක-මනූෂ

රට යළි වතාවක් දියුණු රටක් කරන්නට යන ගමනේ මංගල වෙඩි මුරය මැයි දින දින රැළියත් සමග සනිටුහන් කරන බවත් ජනතාවගේ ජීවන ප්‍රශ්නය විසඳන සැබෑ...

නිදහස් පක්ෂයේ මැයි රැළියට නිල් ඇදන් විජේදාසත් ඇවිත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ "රට රකින ජන පවුර" මැයි දින රැළිය අද(01) ගම්පහ නගර සභා ක්‍රීඩාංගණයේදී විශාල ජන සහභාගිත්වයකින් පවත්වා තිබෙනවා. ඒ සඳහා හිටපු ජනාධිපති...

POPULAR ARTICLES

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...

සජබේ වේදිකාවක් නිසා කොළඹ කොටුවේ දැඩි රථවාහන තදබදයක්

හෙට (01) දින යෙදී ඇති මැයි දිනයට සමගාමීව සමඟි ජන බලවේගය විසින් සංවිධානය කර ඇති උත්සවයක වේදිකාවක් තැනීම සඳහා කොළඹ චැතම් වීදියේ, ටෙලිකොම් ආයතනය...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...