29 C
Colombo
Saturday, May 18, 2024

අපි චීනයට ඩොලර් බිලියන 08ක් පමණ ණයයි..! – මහබැංකු අධිපති

- Advertisement -

ශ්‍රී ලංකාවට වෙනත් ණය හිමියන් ලබාදෙනවා හා සමානම සහනයක් චීනයෙන් ද ලැබෙනු ඇතැයි තමන්ට විශ්වාස බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.

ඒ, BBC පුවත් සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.

රට තුළ පවතින ආර්ථික අර්බුදය මාස 02ක් තුළ විසඳීමට හැකි අර්බුදයක් නොවන බව සියලුදෙනාට තේරුම්ගත හැකි බවයි එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා,

“අපි අරන් තියෙන මේ තීරණ මීට කලින් අපිට ගන්න තිබුණා. උදාහරණයක් ලෙස අපි මීට කලින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහින්, ණය ප්‍රතිව්‍යුහගත කිරීම වසරකට පෙර ආරම්භ කළා නම් මේ තරම් රට දුක්විඳින්නේ නැතිව මේ තත්ත්වය කළමනාකරණය කරන්න තිබුණා.” 

BBC මාධ්‍යවේදියා – “ඔබට කළින් සිටි අය වෙනස් තීරණය ගත්තා නම් අද තියෙන මේ තත්ත්වය මීට වඩා කළමනාකරණය කරන්න තිබුණා ?”

ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා,

“ඔව් මම එහෙම හිතනවා.”

BBC මාධ්‍යවේදියා –  “චීනය ශ්‍රී ලංකාවට ණය දුන් ප්‍රධාන පාර්ශ්වයක්. මම හිතන විදිහට ඩොලර් බිලියන 08ක් පමණ. IMF එක වැඩසටහනකට යන්න එකඟ වෙයිද චීනය ඔවුන්ගේ ඇතැම් ණය සම්බන්ධයෙන් සහනයක් නොදුන්නොත්. IMF සාකච්ඡාවලට එය බාධාවක් වෙයිද ?”

ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා,

“මට විශ්වාසයි, චීනය පෙන්වා තිබෙනවා ඔවුන් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට උදව් කරනවා කියලා. ශ්‍රී ලංකවේ හොඳ පාර්ශ්වකරුවෙක් සහ මිතුරෙක් ලෙස චීනය අනිවාර්යෙන්ම සහය දෙයි කියලා හිතනවා. අනිත් ණය හිමියන් ලබාදෙනවා හා සමානම සහනයක් අපිට ලබාදෙන්න.” 

BBC මාධ්‍යවේදියා – “IMF එක සමග ගනුදෙනුව ගැන කරන සාකච්ඡාව කොපමණ කඩිනමින් අවසන් කරන්න පුළුවන් වෙයිද ?”

ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා,

“මුලින්ම කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණීම වැදගත්. එහි සාකච්ඡා අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා.. ඔවුන් සාකච්ඡා සඳහා මෙහි පැමිණෙන අවස්ථාවේදී. මේ මාසයේ 20ත් 30ත් අතර. තාක්ෂණික මට්ටමේ සාකච්ඡා කරලා එකඟ වෙන්න බලාපොරොත්තු වෙනවා අපේ වැඩසටහනක් ගැන.” 

BBC මාධ්‍යවේදියා – “මගේ ප්‍රශ්නය කොපමණ කල් යයිද කියලා. මොකද දැන් ඒ මුදල් ශ්‍රී ලංකාවට මේ මොහොතේම අවශ්‍යයි.”

ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා,

“මට කාලරාමුවක් දෙන්න ඉතා අපහසුයි. මොකද එය ද්වීපාර්ශවික සාකච්ඡා මත පදනම් වෙන දෙයක්. මම බලාපොරොත්තු වෙනවා ඔවුන්ගේ නිලධාරී සංචාරය කිරීමෙන් ඉතා කෙටි කාලයකට පසු අපිට කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවයකට එන්න පුළුවන් වෙයි කියලා. එය විධායක මණ්ඩලයේ අනුමැතිය සඳහා යන්න නම් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යම් ප්‍රගතියක් අපි පෙන්විය යුතුයි.”

BBC මාධ්‍යවේදියා – “හරි මට මහ බැංකුවේ ස්වාධීනත්වය ගැන විමසන්න ඉඩ දෙන්න. ඔබට හිතෙනවද ඔබ ආණ්ඩුවෙන් ස්වාධීනව, දේශපාලන පීඩනයකින් තොරව ලංකාවේ ආර්ථිකයට හිතකර තීන්දු ගන්න පුළුවන් කියලා ?”

ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා,

“මම තනතුර භාරගත් මොහොතේ පැහැදිලිව කිව්වා මම ස්වාධීන වෙන බව. මම සාකච්ඡා කර උපදෙස් අරන් සවන් දෙන්න සූදානම්. එහි කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් අපි තීරණය ගන්නවද නැද්ද කියන එක අපේ තීරණයක්.” 

BBC මාධ්‍යවේදියා –  “සමහර දේවල් කරන්න ඔබට ආණ්ඩුවෙන් පීඩනයක් එල්ල වුණාද ?”

ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා,

“නැහැ.. මම හිතන්නේ නැහැ.”


RECENT ARTICLES - SINHALA

ගංගා ආශ්‍රිත පහත් බිම්වල සිටින පිරිසට අනතුරු ඇඟවීම්

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ ගංගා ආශ්‍රිත පහත් බිම්වල ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් පවතින බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ,...

ධීවර යාත්‍රාවක් නැවක ගැටී අනතුරක්

බහුදින ධීවර යාත්‍රාවක් අනතුරට පත්වීමෙන් එහි සිටි එක් ධීවරයෙකු මියගොස් තවත් ධීවරයෙකු අතුරුදන්ව තිබෙනවා. පසුගිය 12 වනදා වාලච්චේන ධීවර වරායෙන් ධීවරයින් පස්දෙනෙකු ධීවර කටයුතු සඳහා...

යුද්ධය නිමවී අදට වසර 15යි

දශක තුනකට අධික කාලයක් මෙරට පැවති එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජයට පත් කර අදට (18) වසර 15ක් සපිරෙනවා. 2009 වසරේ මැයි 18 වනදා නන්දිකඩාල් කලපුවේදී එල්.ටී.ටී.ඊ නායක...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

ලාල් කාන්ත ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට තහනම් නියෝගයක්

මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් වෘත්තිය සමිති නායකයින් කිහිපදෙනෙකු ඇතුළු පිරිසකට තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. කේ ඩී ලාල්කාන්ත, මහින්ද ජයසිංහ, රන්ජන් ජයලාල් ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව...