32 C
Colombo
Wednesday, May 15, 2024

ධුර කාලය මාස 02යි කියලා කිව්වා නම් එන්නෙත් නෑ..! – මහබැංකු අධිපති

- Advertisement -

තමන්ට ලැබී ඇති වසර 06ක ධුර කාලය සම්පූර්ණයෙන් ගත කරන බව මහබැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

ඒ BBC පුවත් සේවය සමඟ සිදුකළ සාකච්ඡාවකදීයි.

ශ්‍රී ලංකාව මීට පෙර IMF සහය ලබාගත්තේ නම්, ව‍ර්තමානයේ මෙරට මුහුණදෙන ආඑථික අර්බුදයට මුහුණ දීමට සිදු නොවනු ඇති බවත් එහිදී ඔහු පවසා සිටියා.

බාහිර පාර්ශවයන්ගේ සහය පැතීම විශාල අත්වැර්දීමක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එක්සත් ජාතීන්ගේ ආහාර වැඩසටහන පසුගියදා පෙන්වා දුන්නේ මෙරට ජනගහනයෙන් 2/3ක් සිය ආහාර පරිභෝජනය පහත දමා ඇති බවයි.

තමා මහබැංකු තනතුර භාරගන්නා විට තමාගේ ධූර කාලය මාස දෙකකින් අවසන් වෙතැයි නොසිතූ බවත් එවැන්නක් දැන සිටියා නම් තමා නොපැමිණෙන බවත් තමා සම්පූර්ණ වසර 06ක කාලයකට ධූරය දැරීමට බලාපොරොත්තු වන බවත් එහිදී ඔහු පවසා සිටියා.

වත්මන් අර්බුදය මාස 02කින් විසඳිය නොහැක්කක් බව අවබෝධ කරගත යුතු බවයි ඔහු අවධාරණය කරන්නේ.


RECENT ARTICLES - SINHALA

ඕලෙවල් ලියන අයට නිදහස් ලකුණු දෙකක්

පැමිණිලි ලැබුණු අ.පො.ස (සා.පෙළ) විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න දෙකක් සඳහා නිදහස් ලකුණු දෙකක් ලබාදීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ, විද්‍යා...

හමුදාපතිට අපහාස කළ බව කියන නාලිකාවකට ඔන්ලයින් පනතෙන් තහනමක්

යුද හමුදාපතිවරයා සම්බන්ධයෙන් අසත්‍ය හා අපහාසාත්මක වීඩියෝ හා ප්‍රකාශ බෙදා හැරීම වළක්වාලමින් සමාජ ජාලා මාධ්‍ය ක්‍රියාකාරිකයකුට හා යු ටියුබ්  නාලිකාවට එරෙහිව තහනම් ආඥාවක් නිකුත්...

වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්ට සහ පොලිස්පතිට නියෝගයක් 

බෝගහපැලැස්ස රක්ෂිත වනාන්තර කලාපයේ සිදුකෙරෙන නීතිවිරෝධී වනාන්තර විනාශය වැළැක්වීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය විසින් වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයාට සහ පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කර තිබෙනවා. පරිසර...

POPULAR ARTICLES

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...

නෙළුම් කුළුණෙන් පැන්න විදේශිකයෙක් වහලය උඩට වැටිලා

කොළඹ, නෙළුම් කුළුණේ බේස් පැනීමේ ඉසව්ව (Base Jump) අත්විඳිමින් සිටි විදේශිකයෙකු එම ඉසව්ව අතරතුර දී ඉන් ඇද වැටීමෙන් තුවාල ලබා තිබෙනවා. විදේශිකයාගේ පැරෂුටය විවෘත වීම...