26 C
Colombo
Tuesday, May 7, 2024

දේශපාලඥයා කියන්නේ මේ රටේ පුරවැසියෙක්-අමාත්‍ය ප්‍රසන්න

- Advertisement -

ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ වැරැදි තීන්දු තීරණ නිසා රජයටත් ජනතාවටත් විශාල පාඩු සිදු වෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.

නිලධාරින් සිදු කරන එවැනි වැරදි නිසා අවසානයේ ජනතාවගෙන් චෝදනාවට ලක්වන්නේ දේශපාලඥයින් බව අමාත්‍ය පවසා සිටියා.

“2023 වසරේදී ආරම්භ කළ ඩත්තු ව්‍යාපෘති අද වෙනකන් අවසන් කරලා නෑ. මේ ගැන මහජනතාව වගේම නගර සභාවේ හිටපු මහජන නියෝජිතයන්ගෙනුත් මට පැමිණිලි ලැබිලා තිබෙනවා. ට්‍රැක්ටර් පහක් නගර සභාවට තියෙනවා. එයින් එක ට්‍රැක්ටරයයි අද වෙනකොට වැඩ කරන්නේ කියනවා. ඇයි ඉතිරි ට්‍රැක්ටර් හතර හදා ගන්න මේ වෙනකන් බැරි වුණේ.නිලධාරින්ගේ ප්‍රමාදය නිසා අද රජයට කොච්චර පාඩු සිද්ධ වෙනවද. සම්බන්ධිකරණ කමිටුවේ ගන්න තීන්දු තීරණ ගැන නිලධාරින් අහගෙන ඉන්නේ නෑ. ගන්න තීන්දු නිකන් කතා කරලා ගන්න තීන්දු නෙමෙයි. තීන්දු ගත් ලේඛන තියෙනවා. දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ අනුමැතිය හිමි වූ වහාම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ව්‍යාපෘති අපි පළාත් පාලන වලට එවනවා. නිලධාරින්ගේ වගකීම තමයි ඇස්තමේන්තු හදලා සුදානම් වෙලා තියන් ඉන්න එක. අනුමැතිය ආපු ගමන් වැඩ පටන් ගන්න පුළුවන්. නිලධාරින් හිතන් ඉන්නවා නම් ආණ්ඩුව වෙනස් වෙනවා කියලා; නෑ ආණ්ඩුව තියෙනවා. මේ අවුරුද්දේ තියන්නේ ජනාධිපතිවරණය විතරයි.සමහර නිලධාරින් හිතාමතාම ප්‍රමාද කරනවා. මම කියන්නේ බැරි අයව අයින් කරලා වැඩ කරන්න පුළුවන් පිරිසක් තියන්න කියලා. අපි ගමනක් යනකොට වැඩ කරන්න පුළුවන් පිරිසක් ඉන්න ඕනේ.ඇතැම් රාජ්‍ය ආයතනවල දේශපාලඥයාට ඇතුළු වෙන්න බෑ කියලා මතයක් තියෙනවා. එහෙම වෙන්න බෑ. මොකද දේශපාලඥයා කියන්නේ මේ රටේ පුරවැසියෙක්. අද පළාත් පාලන ආයතවල දේශපාලන අධිකාරිය නැති නිසා නිලධාරීවාදය වැඩ කරන්නේ නෑ. සල්ලි පස්සේ විතරයි දුවන්නේ. දේශපාලන අධිකාරිය මහජනතාව වෙනුවෙන් පෙනී සිටිලා කතා කරපු එක අද සිද්ධ වෙන්නේ නෑ”

RECENT ARTICLES - SINHALA

කුලියාපිටියේ තරුණයා අතුරුදන් වීමේ සිදුවීමේ ප්‍රධාන සැකකරුට ඇප

කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු අද (06) සිය නීතිඥයින් මාර්ගයෙන් අධිකරණය වෙත භාරවී තිබෙනවා. එහිදී කුලියාපිටිය මහෙස්ත්‍රාත් රන්දික ලක්මාල් මහතා...

චන්ග්ගෙන් T-20 කුසලානයට යන අපේ කණ්ඩායමට සුභ පැතුම්

එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල පැවැත් වීමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ක්‍රීඩා කිරීමට නියමිත ශ්‍රී ලංකා මූලික ක්‍රිකට් සංචිතය...

සජිත්ගෙන් ටිරාන්ට ප්‍රශ්න හතක්

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා වී එෆ් එස් ග්ලෝබල් ආයතනය සම්බන්ධයෙන් අද (06) පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පළ කළ අදහස්වලට ප්‍රතිචාර දක්වමින් විපක්ෂ නායක...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...