25 C
Colombo
Saturday, December 9, 2023

රනිල් හෙට රාජාසන කතාවේදී කියන්නේ මොනවාද? (VIDEO)

- Advertisement -

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් හෙට (8) දින සිය රාජාසන කථාවේදී 13වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම සම්බන්ධ යෝජනාවක් ගෙන එනු ඇති බවට කතාබහක් මේ වනවිට මතුව ඇතැයි නීතිවේදී නයන තරංග ගමගේ පවසනවා.

ඒ, Colombo View යූටියුබ් නාලිකාව සමඟ අදහස් දක්වමින්.

මේ සම්බන්ධයෙන් සිය අදහස් දක්වන්නැයි ජනාධිපතිවරයා පක්ෂ නායකයන්ගෙන් කළ ඉල්ලීම සම්බන්ධයෙන් කිසිඳු පක්ෂ නායකයෙකු මේ වනතෙක් ප්‍රතිචාර දක්වා නොමැති බවත් 13 කඩිමුඩියේ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය දෙයක් නොවන බවට ආණ්ඩුවේ ප්‍රධාන හවුල්කාර පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් පැවසූ බවත් The Island පුවත්පත උපුටා ගනිමින් නයන ගමගේ පවසනවා.

එබැවින්, ජනාධිපතිවරයා සහ ජනාධිපතිවරයා ප්‍රධානත්වය දරන රජයේ ප්‍රධාන හවුල්කාර පක්ෂය 13වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධව ආස්ථාන 2ක සිටින බව පෙනෙන්නට ඇති බවත් ඔහු පවසනවා.

13 සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විරෝධයක් ඇති බව පෙනෙන්නට තිබියදී ජනාධිපතිවරයා මෙම යෝජනාව ගෙන එන්නේ 13 ක්‍රියාත්මක කිරීමටම දැයි ගැටළුවක් පැන නගින බවත් ඔහු පෙන්වා දෙනවා.

වැඩිදුරටත් නරඹන්න..

RECENT ARTICLES - SINHALA

අයිසීසීපීආර් යටතේ 44කට අධිචෝදනා ගොනු කරලා

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත (අයිසීසීපීආර්) යටතේ 2017 වසරේ සිට අත්අඩංගුවට ගත් 219 දෙනකු අතුරෙන් 44 දෙනකුට අධිචෝදනා ගොනු කර ශ්‍රී ලංකා...

ටොන් 4000ක පාවෙන තටාකයේ ඉදිකිරීම ඇරඹේ

ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් ඉදිකරන ටොන් 4000ක පාවෙන තටාකයේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ උත්සවය ගෝවාහිදී අද (08) පැවැත්වුණා. නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ මෙම...

බදුල්ල – කොළඹ මාර්ගයේ උඩුවර ප්‍රදේශය නායයයි

බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ උඩුවර 6 කණුව ප්‍රදේශයේ මාර්ගය අද (8) පස්වරුවේ නායයාමට ලක්වීමෙන් උඩුවර 6 කනුව ප්‍රදේශයේ මාර්ගයේ රථ වාහන ධාවනය එක් මංතීරුවකට...

POPULAR ARTICLES

ලංකා විදුලිබල මණ්ඩලයෙන් විශේෂ නිවේදනයක් 

විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 50කට රතු බිල් යැවීම සම්බන්ධයෙන් පළවූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන්ව ඇත්තේ, විදුලිය පාරිභෝජනය...

පුත්තලමේ සනත් නිශාන්තගෙන් විශේෂ ප්‍රකාශයක්

තමන්ට පැනවූ පාර්ලිමේන්තු තහනම සම්බන්ධයෙන් අද (08) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසනවා. දින 14 කාලයක් සඳහා තමන්ට...

අද ඇමෙරිකානු ඩොලරයේ අගය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (07) නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව ඊයේ දිනයට සාපේක්ෂව අද දින එක්සත් ජනපද ඩොලරයේ විකුණුම්...