31 C
Colombo
Wednesday, March 29, 2023

හිස සුන් කාන්තාවගේ ඡායාරූප මාධ්‍යයට දුන්නේ කවුද? (වීඩියෝ)

- Advertisement -

පසුගියදා කොළඹ වේල්ලවීදියේ තිබි හමුවූ හිස සුන් මළ සිරුර කුමන පුද්ගලයෙකුගේදැයි DNA පරීක්ෂණයක් මඟින් හෙළිදරව්ව වීමටත් පෙර ඇයගේ යැයි පැවසෙන විවිධ කාන්තාවන්ගේ ඡායාරූප මාධ්‍යයන් වෙත ලබාදුන් පුද්ගලයන් හට නීතිය ක්‍රියාත්මක නොවන බව ස්වර්ණවාහිනී නාලිකාවේ ප්‍රවෘත්ති නිවේදිකාවක් මෙන්ම නීතිඥවරියක් වන තිළිණි පෙරේරා මෙනෙවිය පවසනවා.

හරි TV Youtube නාළිකාව සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇය පැවසුවේ මෙරට ජනමාධ්‍ය හැසිරීම මේ වන විට ඉතාමත් අනර්ථකාරී තත්ත්වයට ඇද වැටී ඇති බවයි.

කිසියම් සිදුවීමකදී එය සම්බන්දයෙන් අවසාන නිගමනයක් ඒමටත් ප්‍රථම පොලීසිය ලබාදෙන තොරතුරු මාධ්‍යයේ පලවීම හේතුවෙන් කෙතරම් පුද්ගලයින් අගතියට පත්ව ඇත්දැයි ඇය මෙම සම්මුඛ සාකච්ඡාවේදී කරුණු වශයෙන් මතුකර සිටියා.

එසේ වරදකාරයන් බවට මාධ්‍යයෙන් හුවාදක්වන ඇතැම් පුද්ගලයින් පසුකාලීනව අධිකරණ ක්‍රියාවලියක් මඟින් නිදොස්කොට නිදහස් වන නමුත් ඒ වන විට මාධ්‍ය මගින් එම පුද්ගලයන් හට සිදුවිය හැකි සෑම අනර්ථයක්ම සිදුවී අවසන් බවයි නීතිඥ තිළිණි පෙරේරා මෙනෙවිය සදහන් කළේ.

මෙරට ජනමාධ්‍ය ආයතන තුළ කාන්තාවට ලැබෙන ඉඩකඩ පිළිබදවද සතුටුදායක නොවන තත්ත්වයක් පැවතියද විදෙස් මාධ්‍ය තුළදී එම තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් ස්වරූපයක් ගන්නා බවද ඇය මෙහිදී සදහන් කළා.

එම සාකච්ඡාව පහතින්,

RECENT ARTICLES - SINHALA

නිවාසාන්තර ක්‍රීඩා තරඟාවලියට පරිඝණක ක්‍රීඩා එක් කළ පාසලක්..!

0
සිය නිවාසාන්තර ක්‍රීඩා තරඟාවලියට පරිඝණක ක්‍රීඩා ද ඇතුලත් කිරීමට ගිරිඋල්ල වික්‍රමශීලා විද්‍යාලය කටයුතු කර තිබෙනවා. මෙවර 12 සහ 13...

මිනිස් ඝාතනයට තැත් කිරීමේ වරදට ජීවිතාන්තය දක්වා  සිරදඬුවම් 

බෝම්බයක් පුපුරුවා හැර මිනිස් ඝාතන සිදුකිරීමට තැත් කිරීමේ චෝදනාවට වරදකරුවූ චූදිතයෙකුට කොළඹ මහාධිකරණය අද (29) ජීවිතාන්තය දක්වා බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම කළා.

විද්‍යුත් මෝටර් රථ පමණක් ආනයනයට රජය තීරණය කරයි

ඉදිරියේදී අවසර හිමිවන සෑම අවස්ථාවකම මෙරටට විද්‍යුත් මෝටර් රථ පමණක් ආනයනය කිරීමට රජය තීන්දුවක් ගෙන ඇති බව විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර...

RECENT ARTICLES - ENGLISH

Breaking: Fuel prices reduced

0
The price of a litre of Octane 92 Petrol is reduced by Rs 60 from midnight today. Litre of...

Sangeeth Nipun Sanath Nandasiri passed away

0
Sangeeth Nipun Sanath Nandasiri who was ill for a prolonged period, passed away at his residence today (28) at age of 81.

MR predicts LG Election date

0
Former PM Mahinda Rajapaksa today said Local Government Election 2023 will be held before December this year. Speaking to...