ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මීළඟ නායකත්වය සඳහා දෙදෙනෙකුගේ නම් යෝජනා වී ඇති බව වාර්තා වනවා.
එම පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පක්ෂ නායකත්වය සඳහා යෝජනා වී ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ.
බැසිල් රාජපක්ෂ මහතා මීළඟ නායකයා ලෙස පත් කළ යුතුයැයි පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් යෝජනා කරද්දී පක්ෂයේ තරුණ මන්ත්‍රීවරුන් කියා සිටින්නේ නාමල් රාජපක්ෂ මහතා නායකත්වය සඳහා පත්කළ යුතු බවයි.
මේ තත්ත්වය හේතුවෙන් පොහොට්ටුවේ යම් බෙදීමක් ද ඇතිව තිබෙනවා.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීන්දුවක් ගෙන නොමැති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.