28.9 C
Colombo
Saturday, April 27, 2024

ත්‍රිකුණාමලය වරාය අමතක කළේ ඇයි? – ජර්මනිය අසයි

- Advertisement -

ස්වාභාවික ගැඹුරු වරායක් වන ත්‍රිකුණාමලය වරාය මෙරට සංවර්ධන මහා සැලැස්මේ විශාල කාර්යයක් ඉටු නොකරන්නේ මන්දැයි තමන් පුදුමයට පත්වන බව ශ්‍රී ලංකාවේ ජර්මන් තානාපති හොල්ගර් සෙව්බර්ට් (Holger Seubert) මහතා පවසනවා.

ඒ, ත්‍රිකුණාමල වරායේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශයක් කරමින්

කොළඹට සහ හම්බන්තොටට පමණක් ප්‍රමුඛත්වයක් ලබා දී ඇත්තේ මන්දැයි තමන්ට නොවැටහෙන බවත් ත්‍රිකුණාමල වරාය හරහා ශ්‍රී ලංකාවට අත්කර ගත හැකි අවස්ථාවන් රැසක් පවතින බවත් ඔහු පෙන්වා දෙනවා.

එමෙන්ම, යාපනයේ වීසා අයදුම් කිරීමේ මධ්‍යස්ථානයක් ස්ථාපිත කළ රටවල් අතළොස්ස අතරට ජර්මනිය ද සිටීම ආඩම්බරයක් බවත් උතුරු පළාතේ වීසා අයදුම්කරුවන් සඳහා එය ඉමහත් පහසුවක් වනු ඇති බවත් ජර්මන් තානාපති හොල්ගර් සෙව්බර්ට් පවසනවා.

RECENT ARTICLES - SINHALA

ජයශ්‍රී ට එරෙහි නඩුවට දින නියම කෙරේ

අරුණ ලියාන් මහතා සිය බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ජයලත් සහෝදරයින්ට එරෙහිව ගොනු කර ඇති නඩුව ගරු වාණිජ මහාධිකරණය ඉදිරියේ අද (26) දින...

කළුතර පොලිස් නිළධාරින් බලා සිටියදී පිරිසක් කාන්තාවකට ආයුධ වලින් පහරදිලා

කළුතර නාගොඩ රෝහලේ ප්‍රධාන දොරටුව අසල පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් බලා සිටියදී රෝහලට පැමිණි කාන්තාවකට තියුණු ආයුධවලින් පහර දී තිබෙනවා. පහරදීම සිදුකර ඇත්තේ කළුතර,...

ඇල්ල – වැල්ලවාය මාර්ගයත් නායයාමේ අවදානම් තත්ත්වයක

ඇල්ල, කරදගොල්ල, දහය කණුව ප්‍රදේශයේ මේ වන විට නායයෑමක් සක්‍රීය වී තිබෙනවා. ඇල්ල - වැල්ලවාය මාර්ගයටද බලපෑම් ඇතිවිය හැකි බැවින් රියැදුරන් ඒ පිළිබඳව සැළකිලිමත් වීම...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...