දේශීය වෙළඳපොළේ පවතින රත්‍රං හිඟය මෙරට රන් මිල ඉහළ යාමට බලපා ඇති බව දේශීය රන් වෙළඳුන් පවසනවා.
දිනෙන් දින රන් මිල ඉහළ යන අතර අද (25) දින වන විට මෙරට කැරට් 24 රත්‍රං පවුමක මිල රු. 167,000 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි පැවසෙන්නේ.
මේ අතර කොළඹ හෙට්ටි වීදීයේ රන් ආභරණ වෙළෙඳසැල්වල කැරට් 22 ක රන් පවුමක මිල රු. 154,500 ක් ලෙසින් ද නියම වී තිබෙනවා.