29 C
Colombo
Thursday, March 23, 2023

ඩයස්පෝරා තහනම ඉවත් කළේ ඇයි ? – රජයෙන් පැහැදිලි කිරීමක්

- Advertisement -

මෙරට තුළ තහනම් සංවිධාන ලෙස අසාධු ලේඛනගත කර තිබු ද්‍රවිඩ ඩයස්පෝරා සංවිධාන හා පුද්ගලයින් එම ලැයිස්තුවෙන් ඉවත් කිරීම පිළිබඳව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ද්‍රවිඩ ඩයස්පෝරා සංවිධාන 6ක් සහ පුද්ගලයින් 316 දෙනෙකු එම ලැයිස්තුවෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇත්තේ ජාතික ආරක්ෂාව පිළිබඳ විධිමත් හා ගැඹුරු තොරතුරු අධ්‍යනයකින් පසුව බවයි එහි සඳහන්ව ඇත්තේ..

අලුතෙන් හඳුනාගන්නා ලද පුද්ගලයින් 55 දෙනෙකු හා සංවිධාන 03ක් අසාධුලේඛනයට ඇතුළත් කර ඇත්තේද ඒ අනුව බව අදාළ නිවේදනයේ සඳහන්.

මෙරට තුළ තහනම් සංවිධාන ලෙස අසාධු ලේඛනගත කර තිබු ද්‍රවිඩ ඩයස්පෝරා සංවිධාන 6ක් සහ පුද්ගලයින් 316 දෙනෙකු එම ලැයිස්තුවෙන් ඉවත් කිරීමට අදාළ ගැසට් පත්‍රය ඉකුත් අගෝස්තු 01 වැනිදා ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ප්‍රකාශයට පත් කර තිබුණි.

ගෝලීය දමිල සංසදය (GTF),ඕස්ටේලියානු දමිල කොංග්‍රසය (ATC),ලෝක දමිල සම්බන්ධීකරණ කමිටුව (WTCC), දමිල ඊලාම් මහජන සභාව (TEPA),බ්‍රිතාන්‍ය දමිල සංසඳය (BTF) හා කැනේඩියානු දමිල කොංග්‍රසය (CTC) යන සංවිධාන එලෙස අසාධු ලේඛනයෙන් ඉවත් කළ සංවිධාන වේ.

මේ සම්බන්ධයෙන් පාර්ශ්ව කිහිපයක් විවේචනාත්මක අදහස් පළ කිරීමත් සමග අසාධු ලේඛනගත කිරීමේ හා ඉවත්කිරීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව 1968 අංක 45 දරණ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල සම්මුතියට අනුව පුද්ගලයින් 577 දෙනෙකු සහ සංවිධාන 18ක් 2021 වසරේ පෙබරවාරි 28 වනදා වනවිට මෙරට තුළ තහනම් සංවිධාන ලෙස නම් කර තිබූ බව එහි සඳහන්.

2014 වසරේ සිට මේ දක්වා අවස්ථා 8 කදී ගැසට්පත්‍ර මගින් එම අසාධුලේඛනයට අලුතින් සංවිධාන හා පුද්ගලයින් ඇතුළත් කිරීමත්,ඉවත් කිරීමත් සිදුව ඇති බවද එහි දැක්වේ.

ඉකුත් අගෝස්තු 01 වැනිදා එතෙක් තහනම පැනවූ පුද්ගලයින් 577 දෙනෙකු අතරින් 316 දෙනෙකු ඉවත් කර ඇති අතර, එතෙක් පැවති සංවිධාන 18කින් 6ක්ද ලැයිස්තුවෙන් ඉවත් කර තිබේ.

එම තහනම් ලැයිස්තුවට අලුතින් පුද්ගලයින් 55 දෙනෙකු හා සංවිධාන 03ක් එක්කර ඇති අතර ඒ අනුව සමස්තයක් ලෙස මේ වනවිට පුද්ගලයින් 316 දෙනෙකු හා සංවිධාන 15ක් තවදුරටත් අසාධුලේඛනයට ඇතුළත්ය.

1. දමිල විමුක්ති ඊළාම් කොටි සංවිධානය (LTTE)
2. දමිල පුනරුත්ථාපන සංවිධානය  (TRO)
3. දමිල සම්බන්ධීකරණ කමිටුව (TCC)
4. ලෝක දමිල ව්‍යාපාරය (WTM)
5. දමිල ඊළාම් දේශාතික්‍රාන්තික ආණ්ඩුව (TGTE)
6. ලෝක දමිල සහන අරමුදල (WTRF)
7. මූලස්ථාන කණ්ඩායම් (HQ Group) 
8. කැනේඩියානු දමිළ ජාතික කවුන්සිලය (NCCT)
9. දමිල තරුණ  සංවිධානය (TYO)
10. ජාතික තවුහිද් ජමාතය (NTJ)
11. ජමාතේ මිල්ලතෙ ඉබ්‍රාහිම් (JMI)
12. විලායත් අස් සෙයිලානි (WAS)
13. දාරුල් අදර් (DA)
14. ශ්‍රී ලංකා ඉස්ලාමිය ශිෂ්‍ය ව්‍යාපාරය (SLISM)
15. සේව් ද පර්ල් (Save the Pearl)
 යන සංවිධාන තහනම් සංවිධාන ලෙස එම ලැයිස්තුවේ තවදුරටත් පවතී.

2012 අංක 1 දරණ එක්සත් ජාතීන්ගේ නියෝග යටතේ මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමේ නිසි බලධරයා වශයෙන් ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා කටයුතු කරනු ලබයි.

ඒ අනුව නිසි බලධරයා විසින් අදාළ නියෝගවලට අනුකූලව විදේශ කටයුතු අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව, බුද්ධි ආයතන, නීතිය බලාත්මක කරන ආයතන හා ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය යන ආයතනයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කෙරේ.

එමඟින් පුද්ගලයන් හා සංවිධාන පසුගිය වසර කිහිපය තුළ ත්‍රස්තවාදය සඳහා මුදල් ආධාර සැපයීමේ ක්‍රියාකාරීත්වය අධ්‍යයනයකට ලක්කර සාක්‍ෂි පදනම් කොටගෙන ලැයිස්තුගත කිරීම හෝ ඉවත් කිරීම සිදුකරනු ලබන බව එහි සඳහන්ය.

අගෝස්තු 01 වැනිදා ප්‍රකාශිත ගැසට් පත්‍රයට අදාළ පූර්ව විමර්ශන කටයුතු 2022 මාර්තු මාසය තුළදී ආරම්භ කළ අතර ඒ අනුව රට තුළ හෝ රටින් පරිබාහිරව ජීවත්වන හෝ ස්ථාපිත ත්‍රස්තවාදී හෝ අන්තවාදී සංවිධාන පිළිබඳව හා එයට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳවත් ඊට අදාළ මූල්‍ය, වත්කම්, ත්‍රස්ත ක්‍රියා හෝ අන්තවාදී  ක්‍රියාවලට ඇති ඍජු හෝ වක්‍ර සම්බන්ධතාවයන් පිළිබඳවත් සොයාබලා එම පුද්ගලයන් හෝ සංවිධාන ලැයිස්තුගත කිරීම හා ඉවත්කිරීම සිදුකර තිබේ.

මෙසේ ලැයිස්තුගත කරන ලද සංවිධානයකට හෝ පුද්ගලයෙකුට ඒ සම්බන්ධයෙන් යම් විරෝධතාවයක් ගොනුකිරීමට අවශ්‍ය වේ නම් ඒ පිළිබඳව නිසි බලධාරියා වෙත අයදුම්පතක් ඉදිරිපත් කරමින් ලැයිස්තුවෙන් ඉවත්කරන ලෙස හේතු සාධකද සහිතව ලිඛිත ඉල්ලීමක් සිදුකිරීමට අවකාශය පවතී.

එම ඉල්ලීම පිළිබඳ අදාළ අංශ විසින් පුළුල් තොරතුරු අධ්‍යනයකින් පසුව නිසි බලධාරියා වෙත කරුණු දක්වනු ලබන අතර  ඉන්පසුව එම පුද්ගලයා හෝ සංවිධාන ලැයිස්තුවෙන් ඉවත් කරන්නේද යන්න පිළිබඳ නිර්දේශ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරයාට ඉදිරිපත් කිරීමේ වගකීම නිසි බලධාරයා වෙත පැවරේ.

අමාත්‍යවරයාගේ තීරණය අවසන් තීරණය වන අතර අගතියට පත් පාර්ශ්වයන්ට මහාධිකරණය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් එම තීරණය අභියෝගයට ලක්කිරීමේ හැකියාව පවතින බවද එහි සඳහන්ය.

එමෙන්ම, පවතින මුදල් හෝ අරමුදල් තහනමට ගැනීමෙන්, කැටිකිරීමේ (Asset freezing) නියෝගයකින් හෝ වෙනත් ‍මූල්‍යමය වත්කම් හෝ ආර්ථික සම්පත් හෝ වෙනත් අදාළ සේවාවන් මඟින් බලපෑමට ලක්වු කිසියම් පුද්ගලයකුට හෝ ආයතනයකට මහාධිකරණය වෙත පැමිණිලි කිරීමේ අවකාශයද පවතී.

ඒ අනුව ද්‍රවිඩ ඩයස්පෝරා සංවිධාන 6ක් සහ පුද්ගලයින් 316 දෙනෙකු එම ලැයිස්තුවෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇත්තේ ජාතික ආරක්ෂාව පිළිබඳ විධිමත් හා ගැඹුරු තොරතුරු අධ්‍යනයකින් පසුව බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

RECENT ARTICLES - SINHALA

Breaking : තැපැල් ඡන්ද යළිත් කල් යයි

0
පළාත් පාලන මැතිවරණ⁣යේ තැපැල් ඡන්දය දැනට නියම කර ඇති දිනවල නොපැවැත්වෙන බව, මැතිවරණ කොමිසම නිවේදනය කරනවා. පළාත් පාලන මැතිවරණය...

ශ්‍රී ලංකන්, හිල්ටන්, ලිට්‍රෝ විකුණා දැමීමට අනුමැතිය..!

0
2023 මාර්තු 13 වැනි දින එළැඹුණු කැබිනට් තීරණයකට අනුව ව්‍යවසායන් කිහිපයක රජය සතු කොටස් ඉවත් කිරීමට තීරණයකට එළැඹ ඇති බව මුදල් අමාත්‍යවරයාගේ...

ඩයනාගේ නඩුව ගැන අධිකරණයෙන් CIDයට නියෝගයක්

0
රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ පුරවැසිභාවයට අදාළ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ආගමන හා විගමන පාලකවරයාගෙන් සහ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස්වරයාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන...

RECENT ARTICLES - ENGLISH

IMF agreement: President hasn’t tabled Letter of Intend, alleges Harsha

0
SJB MP Dr. Harsha de Silva alleged President Ranil Wickremesinghe has not tabled the Letter of Intent with regard to the IMF...

Andrew Tate to spend another month behind bars

0
Controversial influencer Andrew Tate and his brother Tristan will remain in custody in Romania for a fourth consecutive month, a court has...

Trump wants to be handcuffed for court appearance in Stormy Daniels case,

0
Donald Trump has told advisers that he wants to be handcuffed when he makes an appearance in court, if he is indicted...