33 C
Colombo
Friday, May 3, 2024

ඩොනල්ඩ් ට්‍රම්ප් වසර 4 ක සිර දඬුවමක් අභියස?

- Advertisement -

අපරාධ නඩු විභාගයකට පෙනී සිටීම සඳහා ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (15) නිව්යෝර්ක් උසාවියට පැමිණ තිබුණා.

2016 වසරේ පැවැති ජනාධිපතිවරණය ආසන්නව තිබියදී හිටපු වැඩිහිටි චිත්‍රපට තරුවක් වන ස්ටෝමි ඩැනියෙල්ස් වෙත කරන ලද මුදල් ගෙවීමක් සැගවීම සඳහා සිය ව්‍යාපාරික ගිණුම් ව්‍යාජ ලෙස සකස් කිරීම සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට චෝදනා එල්ල වී තිබෙනවා.

ඒ අනුව, හෂ්-මුදල් නඩු විභාගය යනුවෙන් හැඳින්වෙන මෙම නඩුවත් සමඟ අපරාධ චෝදනාවක් සඳහා අධිකරණයේ පෙනී සිටින පළමු අමෙරිකානු ජනාධිපතිවරයා ලෙස ට්‍රම්ප් ඉතිහාසගත වනු ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.

කෙසේවෙතත්, 77 හැවිරිදි ඩොනල්ඩ් ට්‍රම්ප් දැනටමත් ප්‍රකාශ කර තමා මෙම චෝදනාවල වැරදිකරු නොවන බවයි.

මෙම චෝදනා සම්බන්ධයෙන් වරදකරු වුවහොත් ඔහුට උපරිම වශයෙන් වසර හතරක සිරදඬුවමකට මුහුණ දීමට සිදුවනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ .

නමුත් ඒ වෙනුවට විශාල දඩ මුදලක් ගෙවා සිර දඬුවමින් නිදහස් වීමේ අවස්ථාවක්ද ඔහුට පවතින බව සඳහන්.

එමෙන්ම, මෙම නඩු විභාගය ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට අවාසිදායක අයුරින් බලපානු ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

කෙසේවෙතත්, ඊයේ මෙම නඩු විභාගය පැවැත්වෙන අවස්ථාවේදී විභව ජූරි සභිකයන් 96 දෙනාගෙන් 60 දෙනෙකුම ඔවුන්ට අපක්ෂපාතී විය නොහැකි බව පෙන්වා දෙමින් නඩුකරයෙන් ඉවත් වීමට කටයුතු කර තිබුණා.

උසාවියෙන් පිටතදී ට්‍රම්ප් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා තිබුණේ තමාට එරෙහි මෙම නඩු විභාය විකාර සහගත වූවක් බවයි.

එමෙන්ම එය සමස්ත ඇමරිකාව වෙත එල්ල කරන ලද ප්‍රහාරයක් බවද ට්‍රම්ප් පවසා තිබෙනවා.

තීන්දුවක් ලබා දීම සඳහා එළඹෙන අප්‍රේල් 24 වන දින මෙම නඩුව යළි කැඳවීමට විනිසුරුවරයා මෙහිදී තීරණය කර තිබුණා.


RECENT ARTICLES - SINHALA

කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක වෙරළාසන්න ජනතාවට නිවේදනයක්

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මුහුදු රළ උස ප්‍රමාණය ඉහළ යාම පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඇම්බර් වර්ණයෙන් යුතු එම නිවේදනයේ දැක්වෙන්නේ කල්පිටිය සිට කොළඹ,...

ගාල්ල වරාය සංවර්ධනයට ඩොලර් මිලියන 200ක්

ගාල්ල වරාය සංචාරක වරායක් ලෙස සංවර්ධනය කිරීමට වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය මේ වන විට සියලු සැලසුම් සකස් කර තිබෙනවා. මීටර් අටසිය පනහක් සහ...

කබ්රාල් ඇතුළු සිව්දෙනා ගැන අධිකරණයෙන් තීරණයක්

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් 04 දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව නිෂ්ප්‍රභ කොට ඉන් විත්තිකරුවන් නිදහස් කරන...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...