26 C
Colombo
Saturday, May 11, 2024

ට්‍රම්ප්ට එරෙහිව අපරාධ නඩු විභාගයකට දින නියම වෙයි

- Advertisement -

අමෙරිකාවේ හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි අපරාධ නඩු විභාගයකට දින නියම කර තිබෙනවා.

ඒ අනුව නිව්යොක් අධිකරණය විසින් ඊයේ (25) නියෝග කළේ, ඔහුට එරෙහි නඩු විභාගය අප්‍රේල් 15 වැනි දා ආරම්භ වන බවයි.

2016 වසරේ ජනාධිපතිවරණයට පෙර ඔහු සබඳතා පැවැත් වූ නිල් චිත්‍රපට නිළියකට මුදල් ගෙවා එම තොරතුරු වසන් කර, පසුව ඒ සම්බන්ධ මූල්‍ය වාර්තා වෙනස් කිරීම ඔහුට එල්ල වී ඇති ප්‍රධාන චෝදනාවයි. 

ඒ අනුව අමෙරිකානු දේශපාලන ඉතිහාසයේ, හිටපු ජනාධිපතිවරයෙකුට එරෙහි අපරාධ නඩුවක් විභාගයට ගැනෙන පළමු අවස්ථාව මෙය වනවා.

දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ, මෙම නඩුවෙන් ලැබෙන තීන්දුව, මේ වසරේ නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා සෘජුව බලපානු ඇති බවයි.

ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වන විටත්, රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස තේරී පත්වීමට වැඩි ගෞරව දිනාගෙන අවසන්.

මැතිවරණ ප්‍රතිඵල වෙනස් කිරීමට තැත් කිරීම, රහසිගත රාජ්‍ය ලේඛන අනවසරයෙන් ළඟ තබා ගැනීම ඇතුළු තවත් චෝදනා 3ක් සම්බන්ධයෙන් ද හිටපු ජනාධිපතිවරයාට එරෙහිව තවත් අධිකරණ 3ක නඩු විභාග වෙමින් පවතිනවා.

RECENT ARTICLES - SINHALA

තේ පොහොර සහනය අක්කර 50ක වතු සඳහා ලබා දීමට තීරණයක්

තේ පොහොර සහනාධාරය අක්කර 50ක් දක්වා වූ තේ වතු සඳහා ද ලබා දීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර තිබෙනවා මේ...

අහුංගල්ලේ තවත් වෙඩි තැබීමක්

Update වෙඩිවැදීමෙන් බලපිටිය රෝහලට ඇතුළත් කළ පුද්ගලයා මියගිය ගොස් තිබෙනවා. අහුංගල්ල,මරදාන ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. වෙඩිතැබීමෙන් 54 හැවිරිදි පුද්ගලයෙක් තුවාල ලබා මේ වනවිට බලපිටිය රෝහලට ඇතුළත්...

සබරගමුව කැම්පස් එකේ අක්‍රමිකතා රැසක් කොප් කමිටුවේදී එළියට

සබරගමුව විශ්වවිද්‍යාලයේ පරිපාලන හා අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශන කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමට නියමිතව තිබෙනවා. එම නිවේදනයේ සඳහන් වන්නේ ඉකුත් 08 වැනිදා කෝප් කමිටුවේදී අනාවරණය වූ...

POPULAR ARTICLES

ගාල්ලේ කාන්තාවකගේ මිලියන ගණනක වත්කම් තහනම් කෙරේ

ගාල්ල ප්‍රදේශයේ කාන්තාවක සතු මිලියන ගණනාවක් වටිනා දේපොළ තහනම් කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා. උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට නොහැකිවීම හේතුවෙන් ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය...

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (09) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 293.82ක් ලෙස...