29 C
Colombo
Wednesday, March 29, 2023

ඇමතිකමක් අරන් පාඨලී පනියි ද?

- Advertisement -

රටේ දේශපාලන ස්ථාවරභාවයක් ඇති කරගනිමින් ජනතා විශ්වාසය යළි දිනාගැනීම සඳහා තමන් ඉදිරිපත් කර ඇති කොන්දේසි ඉටුවන්නේ නම් අමාත්‍ය ධුරයක් භාරගැනීමට තමන් සූදානම් බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා.

ඒ පෙරේදා (13) දින මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

සියලුම පක්ෂ නායකයින්ගෙන් සමන්විත ජාතික සභාවක් පාර්ලිමේන්තුව තුළ ස්ථාපිත කිරීම, රටේ ක්‍රියාත්මක කිරීමට නියමිත ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණ පිළිබඳ අවම වැඩපිළිවෙලක් ප්‍රසිද්ධියට පත්කිරීම, ඒ මත පදනම්ව අයවැයක් ඉදිරිපත් කිරීම, අමාත්‍ය ධුර නොමැති සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කාරකසභා ක්‍රමයක් හරහා අමාත්‍යාංශ හැසිරවීමට අවස්ථාව ලබාදීම, ශ්‍රී ලංකා මහබැංකුව ඇතුළු රටට අතිශයින්ම බලපාන රාජ්‍ය ආයතන සඳහා කාටත් පිළිගත හැකි වෘත්තිකයින්ගෙන් සමන්විත අධ්‍යක්ෂ මණ්ඩල පත්කිරීම යනාදී කොන්දේසි මේ වනවිටත් තමන් ජනාධිපතිවරයාට ඉදිරිපත් කර ඇති අතර ඒවායින් ඇතැම් දේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ද එකඟ වී ඇති බවයි ඔහු සඳහන් කළේ.

“අපි ඇමති ධුර හරියට කරලා පෙන්නපු අය. අර මං කියපු කොන්දේසි ඉටුවෙනවා නම් අපි ඔය ඕනෙම වගකීමක් ගන්න සූදානම් බව අපි හැමවෙලාවෙම ප්‍රකාශ කරලා තියෙනවා”

කෙසේ නමුත්, මේ මොහොතේ කළ යුත්තේ ඇමති තනතුරු ඇතුලු තාන්න මාන්න වෙනුවට රට වැටී ඇති ප්‍රපාතයෙන් ගොඩගැනීම උදෙසා අවංකව කැප වීම බවත් අවස්ථාවාදී තනතුරු වලින් එය කළ නොහැකි බවත් සමගි ජනබලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසා ඇති පසුබිමක චම්පික රණවක එවැනි ප්‍රකාශයක් සිදු කිරීම විශේෂත්වයක්.


RECENT ARTICLES - SINHALA

ONMAX DT අධ්‍යක්ෂකවරුන් හයදෙනෙකුට විදෙස් ගමන් තහනමක්

අමෙරිකානු ඩොලර් කෝටි 10ක පිරමීඩාකාර මූල්‍ය වංචාවක් සිදුකළ බව කියන පුද්ගලික(ONMAX DT) ආයතනයේ අධ්‍යක්ෂකවරුන් හයදෙනෙකුගේ විදෙස් ගමන් තහනම් කරන ලෙස කොලඹ මහේස්ත්‍රාත්...

DNA වාර්තා සාරා ජස්මින් මියගිය බව තහවුරු කරයි

පාස්කු දින ප්‍රහාර සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටියදී 2019 වසරේ අප්‍රේල් මස 26 වැනිදා සයින්දමරුදු ප්‍රදේශයේ නිවසකදී මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවා හැරීමෙන්...

ජාතික රූපවාහිනියත් විකුණන්න යයි

ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් අසංග ජයලත් විසින් සේවකයන් වෙත ස්වේච්ඡාවෙන් සේවයෙන් ඉවත් වන්නේ නම් ඒ සඳහා අදාළ අයදුම්පත් ඉදිරිපත් කරන...

RECENT ARTICLES - ENGLISH

Breaking: Fuel prices reduced

0
The price of a litre of Octane 92 Petrol is reduced by Rs 60 from midnight today. Litre of...

Sangeeth Nipun Sanath Nandasiri passed away

0
Sangeeth Nipun Sanath Nandasiri who was ill for a prolonged period, passed away at his residence today (28) at age of 81.

MR predicts LG Election date

0
Former PM Mahinda Rajapaksa today said Local Government Election 2023 will be held before December this year. Speaking to...