පාකිස්තාන රජය නිසි පරිදි ගෙවිම් සිදු නොකිරීම හේතුවෙන් නිෂ්පාදනය අඩකින් කපා හැරීමට සිදුවන බව එරට බලාගාර සඳහා ගල් අඟුරු සපයන චයිනා මැෂිනරි ඉංජිනියරින් කෝපරේෂන් (CMEC) නිවේදනය කළේය.
ගල් අඟුරු මත පදනම් වූ එරට බලාගාර බොහොමයකට ගල් අඟුරු සපයන CMEC වෙත ගෙවිය යුතු හිඟ මුදල ඩොලර් මිලියන 60කි.
ගෙවීම් ප්‍රමාද වීම චීන-පකිස්තාන ආර්ථික කොරිඩෝවට සැලකිය යුතු ලෙස බලපා ඇත.
CMEC සාමාන්‍යයෙන් මෙගාවොට් 1360ක විදුලිය නිපදවන බලාගාරවලට ගල් අඟුරු සැපයීම සිදුකරයි.
සමාගම නිකුත් කරන ලද තොරතුරුවලට අනුව පසුගිය වසරේ මැයි මාසයේ සිට ගෙවීම් සිදු කර නොමැත.