26 C
Colombo
Saturday, May 18, 2024

රුසියානු හා බෙලරුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට විම්බල්ඩන් දොර ඇරේ

- Advertisement -

රුසියානු හා බෙලරුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මේ වසරේ විම්බල්ඩන් තරගාවලියට එක් වීමට අවසර ලබා දී තිබෙනවා.

ඒ All England Club විසින් පසුගිය වසරේ පනවා තිබූ තහනම ඉවත් කිරීමත් සමගයි.

“මධ්‍යස්ථ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලෙස තරඟ කිරීමට යටත්ව” සහ යම් යම් කොන්දේසි වලට අනුකූලව ක්‍රීඩකයින්ට මෙම වසරේ ක්‍රීඩා කිරීමට හැකිවන බව ක්‍රීඩා සමාජය නිවේදනය කළා.

රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම සහ බෙලරුසියාව ලබා දුන් සහයෝගයට ප්‍රතිචාර වශයෙන් එම රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට All England Club විසින් තහනමක් පනවනු ලැබුවා.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් අනුකූල විය යුතු කොන්දේසි වනුයේ

  • රුසියානු සහ/හෝ බෙලාරුසියානු රාජ්‍යයන්ට හෝ ඔවුන්ගේ පාලන තන්ත්‍රයන්ට සහ නායකයින්ට සහාය නොදීමට එකඟ වීම
  • රුසියානු සහ/හෝ බෙලාරුසියානු රජයන්ගෙන් අරමුදල් ලබා නොගැනීම, ඔවුන් විසින් ක්‍රියාත්මක කරන හෝ පාලනය කරන සමාගම්වල අනුග්‍රහයන් ලබා නොගැනීම

විම්බල්ඩන් තරගාවලිය ජුලි මස 3 වැනිදා ආරම්භ වනවා.

All England Club ගත් නව තීරණයත් සමග පිරිමි සහ කාන්තා ශ්‍රේණිගත කිරීම්හි පළමු 10 දෙනා අතර සිටින Daniil Medvedev, Andrey Rublev සහ Daria Kasatkina යන රුසියානුවන්ට මෙන්ම මේ වසර මුලදී ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාව දිනූ ලෝක ශ්‍රේණිගත කිරීම් හි දෙවැනි ස්ථානයේ පසුවන බෙලරුසියානු ක්‍රීඩිකා අරීනා සබලෙන්කා ටද ලබන ගිම්හානයේදී තරග වැදීමට ඉඩ ලැබෙනු ඇති.

මේ අතර යුක්රේන විදේශ ඇමති Dmytro Kuleba විම්බල්ඩන් තරඟාවලියේ තීරණය “අශීලාචාර” බවට වර නැගූ අතර රුසියානු සහ බෙලාරුසියානු ක්‍රීඩකයින් සඳහා වීසා ලබා දීම ප්‍රතික්ෂේප කරන ලෙස එක්සත් රාජධානියේ රජයෙන් ඉල්ලා සිටියා.

RECENT ARTICLES - SINHALA

ඇඳුමක් නිසා පොලීසියෙන් පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහර දීලා

ශ්‍රී ලංකා පොලීසියේ ලාංඡනය සහිත කමිසයක් පැළඳ සිටිම මුල් කරගනිමින් පොලිස් නිලධාරීන් පිරිසක් පුද්ගලයෙකුට පහරදී තිබෙනවා. පහරකෑමට ලක්වූයේ වසර 17ක් පොලිස් සේවයේ නියුතුව වැඩ තහනම්...

ට්‍රාන්ස්ෆෝමරයක් අසලින් නාඳුනන මළ සිරුරක් හමුවෙයි

ගම්පහ - ඉහළ යාගොඩ ප්‍රදේශයේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් අසල වැටී සිටි නාදුනන පුද්ගලයකුගේ මළ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. වයස අවුරුදු 30 ක් පමණ වන බවට...

බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් 26කට තුවාල

කෑගල්ල - අවිස්සාවේල්ල මාර්ගයේ කෝට්ටපොල ප්‍රදේශයේදී පුද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුවී තිබෙනවා. එම අනතුරින් පුද්ගලයින් 26 දෙනෙකු තුවාල ලබා ඇති අතර...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

ලාල් කාන්ත ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට තහනම් නියෝගයක්

මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් වෘත්තිය සමිති නායකයින් කිහිපදෙනෙකු ඇතුළු පිරිසකට තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. කේ ඩී ලාල්කාන්ත, මහින්ද ජයසිංහ, රන්ජන් ජයලාල් ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව...