සපුගස්කන්ද, මාබිම ප්‍රදේශයේ දමාගොස් තිබූ ගමන් බෑගයක තිබී කාන්තා සිරුරක් හමුවී තිබෙනවා.
මරණයට පත්වී ඇති කාන්තාවගේ අනන්‍යතාවය මෙතෙක් හඳුනාගෙන නොමැති බවත් මෙම කාන්තා මළ සිරුර හඳුනා ගැනිම වෙනුවෙන් මේ වන විට විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව මහතා පවසනවා.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
“සපුගස්කන්ද තෙල් පිරිපහදුව ආසන්නයේ මාර්ගය අසල කැලි කසල ගොඩ ගසා තිබූ ස්ථානයක ගමන් බෑගයක් තුළ දමා ගොස් තිබු කාන්තා මළ සිරුරක් සොයා ගැනීමට පොලිස් නිලධාරීන් කටයුතු කළා. එම ස්ථානයේ මේ වන විට කැලණිය කොට්ඨාස, අපරාධ ස්ථාන නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක්කරනු ලබනවා. කාන්තාව කවුද යන්න අනාවරණය කර ගැනීමට වැඩිදුර විමර්ශන කැලණිය කොට්ඨාස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ අධීක්ෂණය යටතේ සපුගස්කන්ද පොලිස් ස්ථානය විසින් මේ වන විට ආරම්භ කර තිබෙනවා.”
පහත ඡායාරූප ඇතැමුන්ට සංවේදී විය හැකි බව සලකන්න