26 C
Colombo
Tuesday, May 7, 2024

චීනයෙන් උදව් ගත්තු සැම්බියා රාජ්‍යය චීනෙට සින්න වෙලා

- Advertisement -

චීනය මත යැපීම හරහා ශ්‍රී ලංකාවටද සැම්බියාවට අත්වූ ඉරණම අත්වනු ඇති බව හිටපු අමාත්‍ය ආචාර්‍ය හර්ෂ ද සිල්වා මහතා පවසනවා.

ඒ, පෙරේදා (08) පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

චීනයෙන් වැඩිවශයෙන්ම ණයගත් රට වන අප්‍රිකාවේ සැම්බියා රාජ්‍යයට මේ වන විට ණය ගෙවා ගැනීමට නොහැකිව ඇති නිසා එරට රත්තරන්, කොපර් , කෝබෝල් , රිදී නිධි චීනයට ලබාදෙන ලෙස ඉල්ලා ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එබැවින් චීනයෙන් උදව් ලබා ගැනීම සම්බන්ධයෙන් ගැඹුරින් සිතිය යුතු බව ඔහු අවධාරණය කර සිටිනවා.

එමෙන්ම, වෙළෙඳපොළේ සිට මහා භාණ්ඩාගාරය දක්වා කඩා වැටී ඇති බව පවසන සමගි ජන බලවේගයේ පා.ම, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඒ සම්බන්ධයෙන් මෙසේ වැඩිදුර අදහස් දැක්වූවා,

“මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරි තරමට බඩු මිල එක පැත්තකින් ඉහළ යනවා, ආදායම අනිත් පැත්තෙන් කඩාගෙන වැටෙනවා, අනිත් පැත්තෙන් ගෑස් නෑ, අපි දන්නවා සුපිරි වෙළෙඳසැලේ පවා කිරිපිටි දෙන්නේ සීමිත ප්‍රමාණයක් පමණයි, ඉන්ධන ගෙන්නන්න තර්ඩ් පාර්ටි කන්ෆමේෂන් බෑන්ක් නැතුව ලොකු ප්‍රශ්නයක් වෙලා තියනවා. අපිට විකල්ප තියනවා කියලා කියනවා මොකක්ද විකල්පය කියලා කවුරුත් කියන්නේ නෑ, ජූලි මාසේ 31 වැනි දා වෙනකොට අපේ රටේ නිල සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 2.8ට අඩු වෙලා තියනවා. ඒ නිල සංචිත ප්‍රමාණයෙන් රත්තරන් ඩොලර් මිලියන 380 ගාණක් තියනවා, රත්තරන් ටික අයින් කරාම අපේ අතේ තියන සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 2.35ට අඩු වෙලා තියනවා.

මෑත ඉතිහාසයේ ලංකාවේ ඩොලර් සංචිත අඩුම වෙච්ච අවස්ථාව, අපි මනින්නේ ඒක ආනයන මාස කිහිපයකට මේ සංචිත ප්‍රමාණවත් ද කියන එක. ඒ කියන්නේ මාස 1.6 කට පමණයි ආනයනය කරන්න අතේ සංචිත තියෙන්නේ. එතකොට අපි කියනවා නම් නෑ අපිට මීට වඩා වෙන ක්‍රමයක් තියනවා, මම ආණ්ඩුවට කියනවා ඔබගේ මේ මතේ නිසා මේ රටේ මිනිස්සු මේ ජනතාව මේ ඉන්න තැනින් තවත් පල්ලෙහාට ඇදලා දාන්න එපා. අපි හිතමු චීනෙන් අපිට ඇවිල්ලා කිව්වා, හරි, අපි ඕගොල්ලොන්ව බේරගන්නම්, බේරගන්න නම් ඩොලර් බිලියන 10ක් වත් අපිට අවශ්‍ය වෙනවා. මොකද ප්‍රතිවෘහගතකරණයක් කියන්නේ ඒ වගේ සහනයක් ලබා ගැනීමක්.”


RECENT ARTICLES - SINHALA

කුලියාපිටියේ තරුණයා අතුරුදන් වීමේ සිදුවීමේ ප්‍රධාන සැකකරුට ඇප

කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු අද (06) සිය නීතිඥයින් මාර්ගයෙන් අධිකරණය වෙත භාරවී තිබෙනවා. එහිදී කුලියාපිටිය මහෙස්ත්‍රාත් රන්දික ලක්මාල් මහතා...

චන්ග්ගෙන් T-20 කුසලානයට යන අපේ කණ්ඩායමට සුභ පැතුම්

එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල පැවැත් වීමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ක්‍රීඩා කිරීමට නියමිත ශ්‍රී ලංකා මූලික ක්‍රිකට් සංචිතය...

සජිත්ගෙන් ටිරාන්ට ප්‍රශ්න හතක්

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා වී එෆ් එස් ග්ලෝබල් ආයතනය සම්බන්ධයෙන් අද (06) පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පළ කළ අදහස්වලට ප්‍රතිචාර දක්වමින් විපක්ෂ නායක...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...