30 C
Colombo
Thursday, May 2, 2024

චෙස් ක්‍රීඩාව ගැන අමුතු කතාවක්

- Advertisement -

චෙස් CHESS ක්‍රීඩාව කියන්නේ මගේ ප්‍රියතම ක්‍රීඩාවයි. චෙස් ක්‍රීඩාවෙන් මම යම් යම් ජයග්‍රහණයන් අත්පත්කරගෙන් තිබෙන අතර එයට මා වඩාත්ම ඇළුම්කරන්නේ චෙස් ක්‍රීඩාවේ නිරත වෙන කෙනෙකුගේ මානසිකත්ව නිතරම කණ්ඩනයකට FRAGMENTATION භාජනය වී ක්‍රීඩකයාගේ සිතුවිලි පරාසයද විවිධ මානයන්වලට විසිරී පැතිරී ගිහන් නැවතත් ක්‍රීඩකයාගේ මානසික ඒකාග්‍රතාව ඇති කරන්නටත් චෙස් ක්‍රීඩාව තුල ඇති මේ සුවිශේෂීත්වය නිසාය.

චෙස් ක්‍රීඩාව ක්‍රි; ව; 5.80 දී පමණ ඇතිවූ දීර්ග ඉතිහාසයක් තිබෙන මානසික ශක්තිය වර්ධනය වෙන සංකීර්ණ ක්‍රීඩාවක්. චෙස් ක්‍රීඩාවේ ආරම්භය ගැන විවිධ අදහස් තිබෙන අතර එය ඉන්දියාවෙන් ආරම්භ වී පර්සියාව හරහා අරාබිකරයෙන් යුරෝපයට ඇවිත් යුරෝපයේදී එය නවීකරණය වී අද එය ඉතාමත් ආකර්ෂණීය ක්‍රීඩාවක් ලෙස මුළු ලෝකය පුරාම පැතිරී ඇත.

චෙස් ක්‍රීඩාවේ මුලිකම ලක්ෂණය වන්නේ රාජයන් දෙකක් අතර සටනයි. මේ සටනේදී එකම පරමාර්ථය වන්නේ තම පාර්ශවයේ රජාව KING ප්‍රතිවිරුද්ධ පාර්ශවයෙන් තර්ජනයට ලක් නොවී CHECK ආරක්ෂා කිරීමයි. රජාව ආරක්ෂා කිරීමට මැදිහත්වන පාර්ශවයන් වන්නේ සොල්දාදුවන් POWN, වංශාධිපතියන් KNIGHT , පූජකවරුන් BISHOPS රැජිණන් QUEENS, බලකොටු පවුරුයි ROOKS , මේ සටනේදී මෙහි එන පාර්ශවයන්ට එයටම අදාලවූ වටිනාකමක් , අගයක් තිබෙන අතර රජාට තිබෙන්නේ අසීමිත බලයකි.

මේ හැමෝගෙම ඒකායන පරමාර්ථය වන්නේ රජාගේ ඇති මේ අසීමිත බලය ආරක්ෂා කිරීමයි. අවසානයේ පාර්ශවයන් දෙකෙන් එක පාර්ශවයක රජාව අසීමිත බලයක් සහිතව ආරක්ෂාවෙන අතර අනිත් සියලුම පාර්ශවයන් චෙස් පුවරුවෙන් ඉවතට විසිවෙනවා , එහෙමත් නැතිනම් බල රහිත වෙනවා. චෙස් ක්‍රීඩාව ගැන බොහෝ දේ තව පැහැදිලි කරන්න තිබුනත් මට කියන්න අවශ්‍යව ඇත්තේ ඒ ගැන නෙමේ, චෙස් ක්‍රීඩාව තුලින් කියවෙන සමාජ දේශපාලනය පොදු අවකාශය තුල දී වැඩ කරන්නේ කොහොමද කියන කාරණාවයි.

මිනිසුන් හැටියට අපි එදිනෙදා ජීවිතයේදී අත්විඳින්නට වෙන අත්දැකීම් සහ රාජ්‍යය ව්‍යූහය ගැන ගැඹුරු දේශපාලනික අවබෝධයක් චෙස් ක්‍රීඩාවෙන් අපිට කියා දෙනවා. අපි මේක මේ විදියට තේරුම්ගන්න උත්සාහ කරමු. පුරවැසියා කියන්නේ රටක ජීවනාලිය වගේම රටක නිෂ්පාදන ආර්ථිකය ගොඩනගන්නට උරදෙන ප්‍රධානතම යාන්ත්‍රණය හා සමාජ දේශපාලන බල ධුරාවලිය වෙනස් කිරීමේ පරම අයිතිය ඇති පරමාධිපත්‍ය බලය තිබෙන SOVEREIGN POWER ප්‍රධානතම සාධකයයි.

එහෙත් පුරවැසිභාවය පිළිබඳව අප රටේ ගැඹුරු දේශපාලන කතිකාවක් ගොඩනැගී නැති නිසා , පුරවැසි ආධිපත්‍යය කියන දේශපාලනික අදහස ගැන කිසිම දැනුමක් අප සමාජය තුල නැහැ. අප රටේ බහුතරයක් මිනිසුන් සිටින්නේ පීඩිතභාවයෙන් සහ සුරා කෑමට ලක්වෙමින් නිසා දේශපාලනික සවිඥානිකත්වයක් ඔවුන් තුල ගොඩනැගෙන්නට අවකාශයක් නැහැ. ඒ නිසාම අප තවමත් සිටින්නේ යටත් විජිත මානසිකත්වයක් තුල සහ අනෙකාට හිස නමන, යටහත් පහත් “වහල්” මානසිකත්වයක් තුල.

එම නිසාම අපගේ අවිඥානික ආශාව වන්නේ අපගේ ජීවිතවලට වටිනාකමක් එකතුකර ගන්නවා වෙනුවට “ලොක්කන්” යයි කියන මිනිසුන් ඉදිරියේ මිනිස්කමටත් නිගාවෙන ලෙස හිස සහ කොන්ද නමාගෙන වන්දි භට්ටකම් කරමින් ප්‍රශක්ති ගී ගායනා කිරීමයි. දියුණු චින්තන සාම්ප්‍රදායක් නැති අප වගේ රටක පුරවැසියන්ගේ එකම අවිඥානික ආශාව වන්නේ දේශපාලනිකව අනෙකාව ඉහළටම ඔසවා තබා , තමාගේ වහල් මානසිකත්වය තුලම සිරවී කාලකන්නි සතුටක් විඳීමයි.

පවතින මතවාදයන් ඒ විලසින්ම බාරගෙන , කිසිම තාර්කික පදනමක් නැතිව එකම විෂම චක්‍රයක් වටා එකම තැනක කැරකී, කැරකී ජීවත් වෙනවා හැර වෙනත් විකල්ප මතවාදයක් නැති පුරවැසියා සෑමදාම කරන්නේ චෙස් ක්‍රීඩාව තුලදී වගේ KING ව CHECKMATE වෙන්නට නොදී ආරක්ෂා කිරීමයි. අප චෙස් ක්‍රීඩාවට මෙතරම් ඇලුම් කරන්නේ අපගේ අවිඥානික ආශාව චෙස් ක්‍රීඩාව තුල ගැබ්ව ඇති නිසාවෙනි. පුරවැසියන් ලෙස අප හැමදාමත් අසමත් අතාර්කික මිනිසුන් වන්නේ ඇයිද කියා ඔබම සිතා බලන්න

-සාලිය ඉඳුරුවිතානගේ ෆේස්බුක් පිටුවෙන්

RECENT ARTICLES - SINHALA

Breaking:මහාචාර්ය නලින් ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි

භෞතික විද්‍යාඥයෙක්, දාර්ශනිකයෙක් සහ දේශපාලන විශ්ලේෂකයෙක් වූ ආචාර්ය නලින් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ මහතා මිය යන විට 79 වන වියෙහි පසු වුණා. ශ්‍රී...

පොහොට්ටුවේ හිටපු උප සභාපතිවරයෙක් කුඩු සමග මාට්ටු

කටුනායක - සීදුව නර සභාවේ හිටපු උප සභාපතිවරයෙකු ලක්ෂ 4ක් පමණ වටිනා හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. බඩල්ම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් මීගමුව ප්‍රදේශයේ සිදු...

බදුල්ලට ගිය කැලිප්සෝ

මෙම වසරේ ජනවාරි 05 වනදා සිට බදුල්ල - බණ්ඩාරවෙල අතර නව විශේෂ සංචාරක දුම්රියක් හඳුන්වාදීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබුණා. එය නම් කර ඇත්තේ "කැලිප්සෝ"...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...