27 C
Colombo
Friday, May 3, 2024

ලෝකෙ ලොකුම සටනට කලින්- සල්ලි බෙදාගන්න ගැටුමක්

- Advertisement -

ලබන අවුරුද්දේ පවත්වන්න නියමිත, මෑත ලෝක ඉතිහාසයේ ලොකුම බොක්සින් මැච් එක තමයි ඇන්තනි ජොෂුවා සහ ටයිසන් ෆියුරි අතර මැච් එක. ඒක තමයි අවුරුදු කිහිපයක් තිස්සේ හැමෝම කතාකරපු ඩ්‍රීම් මැච් එක.

දැන් වාර්තාවෙන විදියට මේ මැච් එකේදී ලැබෙන අපට හීනෙංවත් හිතන්න බැරි තරම් දැවැන්ත සල්ලි මල්ල සීයට 50 ගාණේ සම සමව ජොසුවා සහ ෆියුරි අතර බෙදෙනවාලු.

‘කොමර්ෂල් වටිනාකම අතින් ඇන්තනි ජොෂුවා ඉන්නේ ටයිසන් ෆියුරිට වඩා උඩින් වෙනම ලෝකෙක.’ පහුගිය සතියේ මාධ්‍ය සාකච්ඡාවකදී සීයට පණහ ගාණේ සල්ලි බෙදන යෝජනාවට එකඟ වෙමින්. ඒත් තමන්ගේ පැත්තට වැඩිපුර සල්ල ලැබුණානං හොඳයි කියා ඉඟි කරමින්.

බොක්සින් ලෝකෙ ප්‍රධාන චැම්පියන්ෂිප් ටයිටල් කිහිපයක් තියෙනවා.

ඇන්තනි ජොෂුවා තමයි දැන් WBA (Super)IBFWBO සහ IBO කියන චැම්පියන්ෂිප් ඔක්කොම තියාගෙන ඉන්නේ. ඒත් WBC ටයිටල් එක තියෙන්නේ ටයිසන් ෆියුරි අතේ.

දැන් බොක්සින් ලෝකෙ ප්‍රධාන බොක්සින් සංගම්වලින් දෙන ප්‍රධාන චැම්පියමොෂිප් කිහිපයක් තියෙනවානේ. ඒ නිසා ලෝකෙ හොඳම චැම්පියන් කවුද කියලා, ඒ සංගම්වලට පිටින් දෙන චැම්පියන්ෂිප් දෙකක් තියෙනවා. ඒ අනුව ‘ද රිංග්’ සඟරාවෙන් ලෝකෙ හොඳම චැම්පියන් කියලා දෙනවා ටයිටල් එක. එයාව කවදාහරි පැරැද්දුවොත්, පරද්දන කෙනාට ඒ ටයිටල් එක යනවා. තව තියෙනවා ලිනීයල් ටයිටල් එක කියලා එකක්. ඒකෙදී කියන්නේ මොහොමඩ් අලීලාගේ, මයික් ටයිසන්ලාගේ කාලෙ ඉඳන් එන ලෝකෙ අංක එකේ බොක්සින් ශූරයා පරද්දපු කෙනාට ලැබෙන ටයිටල් එක.

දැන් කවුද වැඩිපුර වටින්නේ, මැච් එකේ උපයන සල්ලිවලින් වැඩි කොටසක් කාටද යන්න ඕනේ කියලා වාදයක් ඇන්තනි ජොෂුවාගේ පැත්තෙන් පටන් අරන් තියෙන්නේ, මැච් එකට කලින් පොඩි මානසික ගේමක් විදියට. ජොෂුවාගේ පැත්තෙන් හර්න් කියන්නේ මෙහෙම.

‘නිකම් බලන්න ඒජේ (ඇන්තනි ජොෂුවා) ගන්න ඩීල්, එයා උපයන සල්ලි ගාණ. අනෙක, මේ දෙසැම්බර් මාසෙ මැච් එකක් ඕගනයිස් කරන්න ටයිසන් ෆියුරිට බැරි වුණේ, එයාට සල්ලි හොයන්න පු‍ළුවන් පේ-පර්-වීව් ඩීල් එකක් ඇමෙරිකාව ඇතුළෙං හොයාගන්න බැරි වුණ නිසා. එයාට ඒජේ එක්ක මැච් එකේ සල්ලිවලිං සීයට 50ක් ගන්නවානං ගත්තාවෙ. ඒත්, එයාට ඒකට සුදුසුකමක් නෑ.’

ඇත්තටම මේ දෙසැම්බර් මාසෙ ඇන්තනි ජොෂුවා ෆයිට් එකකට බහිනවා. ඒ ලන්ඩන් ඕටූ ඇරීනා එකේදී කුබ්රාන් පුලෙව්ට විරුද්ධව. ඇත්තටම මේක ෆියුරි එක්ක ෆයිට් එකට ලෑස්තිවීමක්. ඒත්, ෆියුරිගේ පැත්තෙන් ජොෂුවාගේ මැච් එකට සූදානම් වීමේ ෆයිට් එකක් ඕගනයිස් කරලා නෑ.

කොහොම වුණත් දැනටමත් ජොෂුවාගේ පැත්තෙන් කියා තියෙන්නේ, පුලෙව්ගේ මැච් එක ඉවරවුණ ගමං බොක්සිං සංගම් ඉස්සරහට ගිහින් ෆියුරි එක්ක මහා සටනට දිනයක් දාගන්නවා කියලයි. තාම ෆයිට් එකට තැනක් දාගෙන නෑ. සාමාන්‍යයෙන් ලෝකෙ ලොකුම බොක්සින් ෆයිට් ඇමෙරිකාවෙ ලාස් වේගාස්වල එම්ජීඑම් ග්‍රෑන්ඩ් වගේ තැනක පවත්වනවා. හොඳට සල්ලි අදින්න පුළුවන් නිසා.

ඒත්, ජොෂුවා එංගලන්තකාරයෙක්. ඒ නිසා එයාගේ පැත්තෙන් යෝජනා කරන්නේ ලන්ඩන්වල මැච් එක තියන්න කියලයි. ඔය ටයිසන් ෆියුරිට සල්ලි අදින්න බෑ, ජොෂුවාට තමයි සල්ලි අදින්න පුළුවන් වගේ කතන්දර මතු වෙන්නට දෙවැනි හේතුව ඒක. ජොෂුවාගේ පැත්තෙන් කියන්නේ, ජොෂුවා වැඩිපුර ජනප්‍රිය නිසා වැඩිපුර සල්ලි හොයන්න නං ලන්ඩන්වල මැච් එක තියන එක හොඳයි කියලා.

ඒකෙන් ලන්ඩන්වල මිනිස්සුන්ගේ වැඩිපුර චියර්ස් ජොෂුවාට ලැබෙනවා. දේශගුණය ඇතුළු ලන්ඩන්වල තත්වයේ ඔක්කොම වාසි ටික ජොෂුවාට එනවා.

RECENT ARTICLES - SINHALA

හෙටින් ඇරඹේන පාසල් නිවාඩුව

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (03) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පළමු වාරයේ...

බස් ගාස්තු සංශෝධනය වීමක් නැහැ

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 30...

අපිත් රැළිය පාරේ ගත්තනම් සෙනඟ පෙන්නන්න තිබුණා-නාමල්

මැයි රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මහා මාර්ගයක් තෝරා ගත්තා නම් සෙනඟ පෙන්වීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...