29 C
Colombo
Saturday, May 4, 2024

IPL වෙන්දේසියට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයින් 08 ක්

- Advertisement -

2024 IPL තරගාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසිය ලබන 19 වැනිදා ඩුබායි හිදී පැවැත්වීමට නියමිතයි.

මේ අතර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ වෙන්දේසිය සඳහා ඉදිරිපත් කෙරෙන ක්‍රීඩක ලැයිස්තුව තරග සංවිධායකයින් විසින් මේවන විට ඉදිරිපත් කර තිබෙනවා.

මෙම වෙන්දේසිය සඳහා ක්‍රීඩකයින් 333ක් ඉදිරිපත් කර ඇති අතර ඉන් ක්‍රීඩකයින් 214ක් ම ඉන්දීය ක්‍රීඩකයින් වීම විශේෂත්වයක් වන අතර 119 ක් විදෙස් ක්‍රීඩකයින් වනවා.

ඉන් ක්‍රීඩකයන් 08 දෙනෙකු ශ්‍රී ලාංකිකයන් වනවා.

එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුට ලබා දී ඇති ඉහළම වෙන්දේසි මුදල වන්නේ ඉන්දීය රුපියල් කෝටි 1.5ක් වන අතර එම අගය සහිත කාණ්ඩයෙන් වෙන්දේසිය සඳහා ඉදිරිපත් කර ඇත්තේ වනිඳු හසරංගයි.

සෙසු ක්‍රීඩකයින් 7ම ඉන්දීය රුපියල් ලක්ෂ 50ක කාණ්ඩයෙන් මෙවර වෙන්දේසිය සඳහා ඉදිරිපත් කර තිබෙනවා.

කුසල් මෙන්ඩිස්, ඩිල්ශාන් මදුශංක, චරිත් අසලංක, දසුන් ශානක, දුෂ්මන්ත චමීර, ලහිරු කුමාර සහ නුවන් තුෂාර මෙලෙස ශ්‍රී ලංකාවෙන් IPL වෙන්දේසියට නම්කර ඇති සෙසු ක්‍රීඩකයින් වනවා.

RECENT ARTICLES - SINHALA

කැකිරාවේ කිරි සමාගමකට සීල් තියලා

මිනිස් පරිභෝජනයට නුසුදුසු අයුරින් නිෂ්පාදන කටයුතු පවත්වාගෙන ගිය මරදන්කඩවල කිරි ආශ්‍රිත නිෂ්පාදන ආයතනයක නිෂ්පාදන කටයුතු තාවකාලිකව අත්හිටුවා එම කර්මාන්ත ශාලාවට මුද්‍රා තැබීමට කැකිරාව සෞඛ්‍ය...

බන්ධනාගාර තුනකට ජංගම අධිකරණ

මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ මුල්‍යමය දායකත්වය මත ඉදිරිකරන ලද ජංගම අධිකරණ පද්ධතිය ඊයේ (03)...

අවාරයේ සිරිපා කරුණා කරන්න යන අයට දැනුම් දීමක්

අවාරයේ ශ්‍රී පාදය කරුණා කිරීමට විදේශිකයන්ට පමණක් අවසර දීමටත් දේශිය සංචාරකයන් හෝ වෙනත් පුද්ගලයන් කිසිවකුටත් අවාරයේ කිසිදු මාර්ගයක් ඔස්සේ ශ්‍රි පාදස්ථානය කරුණා කිරිමට අවසර...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...