ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 15ක තොගයක් රැගෙනවිත් තිබේ.
අද (22) අලුයම එම එන්නත් දිවයිනට රැගෙනවිත් ඇති බවයි වාර්තා වන්නේ.
එමිරේට්ස් ගුවන් සේවයට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන්යානයකින් එම එන්නත් තොගය දිවයිනට රැගෙනවිත් තිබේ.
මෙරට එන්නත්කරණ වැඩසටහනේ තෙවන (බූස්ටර්) එන්නත් මාත්‍රාව වශයෙන් අදාළ එන්නත් ලබාදීමට නියමිතය.