30 C
Colombo
Wednesday, May 15, 2024

19 වැනි ආසියානු ක්‍රීඩා උලෙළ අදින් ඇරඹෙයි

- Advertisement -

19 වැනි ආසියානු ක්‍රීඩා උලෙළ චීනයේ හැංජෝහිදී අද (23) ආරම්භ වෙනවා.

එහි සමාරම්භක උත්සවය අද හැංජෝ ඔලිම්පික් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

මෙවර ආසියානු ක්‍රීඩා උලෙළට රටවල් 45ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 12,500කට අධික සංඛ්‍යාවක් සහභාගි වීමට නියමිතව ඇති බව වාර්තා වෙනවා.

එහිදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සියයකට ආසන්න සංඛ්‍යාවක් සහභාගි වීමට සැලසුම් කර ඇති අතර, ඔවුන් ක්‍රීඩා 21ක් වෙනුවෙන් තරඟ බිමට පිවිසීමට නියමිතයි.

මේ අතර, මෙවර ආසියානු ක්‍රීඩා උලෙළේ සමාරම්භක උත්සවයේ දී ජාතික ධජය රැගෙන යාමේ වගකීම මලල ක්‍රීඩිකා ගයන්තිකා අබේරත්නට හිමිව තිබෙනවා.

ඔලිම්පික් ක්‍රීඩා උලෙළට පසු පැවැත්වෙන දැවැන්තම ක්‍රීඩා උලෙළ වන ආසියානු ක්‍රීඩා උලෙළ අද සිට දින 16ක් පුරා පැවැත්වෙන අතර, එහි තරඟ ස්ථාන 54ක දී පැවැත්වීමට නියමිතයි.

මේ අතර, ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරඟාවලියේ අවසන් පුර්ව වටයේ  තරඟ හෙට (24) ආරම්භ වෙනවා.

එහි පළමු තරඟය ඉන්දීය කාන්තා කණ්ඩායම සහ බංග්ලාදේශ කාන්තා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි.

දෙවැනි තරඟය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ පාකිස්තාන කාන්තා කණ්ඩායම අතර මෙරට වේලාවෙන් හෙට පෙරවරු 11.30ට ආරම්භ වීමට නියමිත බව සඳහන්.

මෙම තරඟ දෙකෙන් ජය ගන්නා කණ්ඩායම ලබන 25 වන දා පැවැත්වීමට නියමිත ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගනු ඇති .

RECENT ARTICLES - SINHALA

මියගිය කාන්තාවක් ජීවත් වන බවට ලිපියක් දුන් ග්‍රාම නිලධාරිට වැඩ වරදී

මියගොස් ඇති තැනැත්තියක් ජීවත්ව සිටි බව සදහන් කරමින් ලියවිල්ලක් නිකුත් කිරීමක් සම්බන්ධයෙන් ග්‍රාම නිළධාරීවරයෙක් කළුතර කොට්ඨාශ විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ...

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මිලියන 9ක මත්ද්‍රව්‍ය තොගයක් තැපෑලෙන් ඇවිත්

මධ්‍යම තැපැල් හුවමාරුව වෙත විදෙස් රටවල් කිහිපයක සිට පැමිණි පාර්සල් කිහිපයක තිබී මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබෙනවා. ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සිදුකළ...

POPULAR ARTICLES

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...

නෙළුම් කුළුණෙන් පැන්න විදේශිකයෙක් වහලය උඩට වැටිලා

කොළඹ, නෙළුම් කුළුණේ බේස් පැනීමේ ඉසව්ව (Base Jump) අත්විඳිමින් සිටි විදේශිකයෙකු එම ඉසව්ව අතරතුර දී ඉන් ඇද වැටීමෙන් තුවාල ලබා තිබෙනවා. විදේශිකයාගේ පැරෂුටය විවෘත වීම...