කුවේටයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 297 දෙනෙකු ඊයේ (18) රාත්‍රියේ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ යානයකින් දිවයිනට පැමිණියා.
ගුවන් තොටුපල කාර්ය භාර නිලධාරිවරයා සඳහන් කළේ ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව විදේශයන්හි රැඳී සිටින මෙරට වැසියන් ගෙන්වාගැනීමේ වැඩසටහන යටතේ මොවුන් මෙලෙස දිවයිනට පැමිණ ඇති බවයි.
මෙලෙස පැමිණි පිරිසට PCR පරීක්ෂණ සිදුකිරීමෙන් පසුව යුද හමුදාව විසින් නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන ගොස් තිබෙනවා.