ජනාධිපති ලේකම්කාර්යාලය ඉදිරිපිට පැවති ගුරු උද්ඝෝෂණයට සහභාගීවූ පුද්ගලයන් 42ක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර තිබෙනවා.
මාර්ගය අවහිර කිරීම,නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් වීම, නිරෝධායන නීති කඩ නිරීම යන වැරදි යටතේ මෙලෙස ඔවුන් අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ නියොජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ.
වැටුප් ගැටලුවට විසඳුම් ඉල්ලා රජයට බලකරමින් ගුරු විදුහල්පති වෘත්තිය සමිති මාර්ග කිහිපයක් ඔස්සේ රථ පෙළපාලියකින් අද කොළඹට පැමිණියා.
මෙහිදී ඔවුන් කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය අසලදී නොසන්සුන්කාරී ලෙස හැසිරුණු බවත් එබැවින් කාන්තාවන් 16 දෙනෙකු ඇතුළු 42දෙනෙක් මෙන්ම වාහන 10ක්ද මෙලෙස අත්අඩංගුවට ගත් බවත් අජිත් රෝහණ මහතා පවසනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර ඔවුන්ට එරෙහිව ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගනු ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ.