25 C
Colombo
Thursday, May 9, 2024

ශ්‍රී පාද නල්ලතන්නිය නගරයට මත්පැන් බලපත්‍රයක්

- Advertisement -

නල්ලතන්නිය ශ්‍රි පාද බෞද්ධ මධ්‍යස්ථානය යාබදව සංචාරක මණ්ඩලයේ අනුමැතිය සහිතව සංචාරක හෝටලයක මත්පැන් අලෙවිසැලක් විවෘත කිරිමට සුදානමක් ඇති බව නල්ලතන්නිය ප්‍රදේශවාසින් පවසනවා.

සංචාරක මණ්ඩලයේ අනුමැතිය ලත් එම හෝටලයේ අයිතිකරු විසින් සංචාරක මණ්ඩලයෙන් කරන ලද ඉල්ලිමක් මත එම මත්පැන් බලපත්‍රය ලබාදිමට ප්‍රථම ඒ සදහා ප්‍රදේශවාසින්ගේ විරෝධතා වෙතොත් ඒ පිළිබඳව නොර්වුඩ් ප්‍රාදේශිය ලේකම් කාර්යාලය වෙත දැනුම් දෙන ලෙස ප්‍රාදේශිය ලේකම් කාර්යාලය විසින් ප්‍රදේශවාසින්ට දැනුම් දිමක් කර තිබෙනවා.

එම හෝටලයට සංචාරක මණ්ඩලය විසින් විදේශිකයන්ට අලෙවි කිරීම සදහා බියර් බලපත්‍රයක්ද ලබා දී ඇති අතර , බලපත්‍රයේ සටහන් කොන්දේසි වලට පටහැනිව  ශ්‍රි පාද වන්දනාකරුවන්ට විවිධ පුද්ගලයන් යොදාගෙන බියර් අලෙවි කිරීම හේතුවෙන් චෝදනා ලබා සිටිනවා.

එම චෝදනා මත නල්ලතන්නිය පොලිසිය සහ කොටගල සුරාබදු කාර්යාලය මඟින් එම හෝටලයේ සේවකයන්ට සහ බියර් අලෙවි කල පුද්ගලයන්ට එරෙහිව අධිකරණය හමුවේ නෛතික පියවර ගෙන ඇති බවද සඳහන්.

සංචාරක මණ්ඩලය විසින් එම හෝටලයට ලබා දි ඇති බියර් බලපත්‍රයට අනුව බියර් අලෙවි කුටිය හෝටලයේ භෝජනාගාරය තුළ වෙනම ස්ථාපනය කළ යුතුව තිබෙනවා.

කෙසේවෙතත්, ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ එම හෝටල් හිමියා විසින් ඇතැම් රාජ්‍ය නිලධාරින්ගේ සහය සහ ආශිර්වාදය ඇතිව බියර් අලෙවි කුටිය හෝටලයේ පළමු මහලේ ස්ථාපනය කර ඇති අතර එම හෝටලයේ භෝජනාගාරය සිව්වෙනි මහලේ පිහිටා ඇති බවයි.

තවද. එම සංචාරක හෝටලයේ සිට නල්ලතන්නිය ශ්‍රී පාද බෞද්ධ මධ්‍යස්ථානය දක්වා මිටර් 100 ක දුර ප්‍රමාණයක්වත් නොමැති අතර රාජ්‍ය නිලධාරින් කිහිපදෙනෙකුගේ සහයෝගයෙන් නල්ලතන්නිය බෞද්ධ මධ්‍යස්ථානය අසල මත්පැන් අලෙවිසැලක් විවෘත කළහොත් එතුළින් ශ්‍රි පාදස්ථානයට විශාල හානියක් සිදු වන බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

ඔවුන් පවසන්නේ දැනට එම හෝටලය මගින් සංචාරකයන්ට අලෙවි කරන මුවාවෙන් දිනකට බියර් විශාල ප්‍රමාණයක් වන්දනාකරුවන්ට අලෙවි කරන බවයි.

ඒ අනුව, මෙම සංචාරක හෝටලයට මත්පැන් බලපත්‍රයක් සංචාරක මණ්ඩලය විසින් ලබාදුන්නහොත් නල්ලතන්නිය ප්‍රදේශවාසීන් සහ අවට වතුවල වතු කම්කරුවන් මත්පැන් පානයට ඇබ්බැහි වීමේ අවදානමක් පවතින බවද ප්‍රදේශවාසීන් පවසනවා.

නල්ලතන්නිය බෞද්ධ මධ්‍යස්ථානයට යාබදව අලුතින් මත්පැන් අලෙවිසැලක් විවෘත කිරිමට ශ්‍රී පාදස්ථානාධිපති හිමියන්ගේද විරෝධය මතු වී ඇති අතර නල්ලතන්නිය බෞද්ධ මධ්‍යස්ථානයේ සිට ශ්‍රි පාද උඩ මළුව දක්වා පුජා නගරයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබියදී එහි මත්පැන් අලෙවිසැලක් විවෘත කිරිම ශ්‍රි පාදස්ථානයට සිදු කරන දැඩි අගෞරවයක් බවද ඔවුන් සඳහන් කරනවා.

ඒ අනුව,  මේ සම්බන්ධයෙන් නොර්වුඩ් ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ උසස් නිලධාරියෙකුගෙන් කළ විමසුමකදී ඔහු පවසා ඇත්තේ එම මත්පැන් අලෙවිසැල විවෘත කිරිමට මහජන විරෝධයක් මතු වන්නේ නම් ඒ පිළිබඳව සංචාරක මණ්ඩලයට සහ සුරාබදු දෙපාර්තුමේන්තුව වෙත දැනුම් දිමට පියවර ගන්නා බවයි.

(හැටන්- රංජිත් රාජපක්ෂ)

RECENT ARTICLES - SINHALA

NMRA හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර අත්අඩංගුවට

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර මහතාව අද (08) අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැය 10කට ආසන්න කාලයක්...

ශ්‍රී ලංකන් පාඩුව ගැන අගමැතිගෙන් හෙළිදරව්වක්

ශ්‍රී ලංකන් ගුවන් සමාගම පසුගිය වසර දහයේදී (2014 -2024) රුපියල් කෝටි හතළිස් පන් දහස් හත්සිය අනූවකට වැඩි මුදලක් පාඩු ලබා තිබෙන බව අග්‍රාමාත්‍ය දිනේෂ්...

අහුංගල්ලේ වෙඩි තැබිමක්

Update : අහුංගල්ල වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මියගොස් තිබෙනවා. මෙසේ මිය ගොස් ඇත්තේ 55 හැවිරිදි පුද්ගලයෙක් බවට වාර්තා වනවා. අහුංගල්ල ප්‍රදේශයේ අද(08) සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව...