32 C
Colombo
Monday, February 26, 2024

ශ්‍රී ලාංකිකයන්ගෙන් 48%කට අව්වෙන් නොමිලේ ලැබෙන විටමින් D ත් ඌණයි

- Advertisement -

ශ්‍රී ලාංකිකයන් 48%ක් විටමින් ඩී ඌණතාවයෙන් පෙළෙන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පෙන්වා දෙනවා.

දකුණු ආසියානු කලාපයේ සිදුකළ සමීක්ෂණයක් අනුව මේ බව හෙළි වූ බව කොළඹ දී පැවත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ඔවුන් පවසා සිටියා.

පාසල් දරුවන් අතරත් ළඳරුවන් අතරත් මෙම තත්වය දක්වනට ඇති බව පවසන ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රුවනි ලියනගේ වැඩිදුරටත් පවසන්නේ ගර්භණී සමයේ මවුවරුන්ට විටමින් ඩී ඌණතාවය පැවතීම මීට හේතුවන බවත් සොයාගෙන ඇති බවයි.

කොවිඩ් සමයේ නිවෙස් වල සිටීම හරහා සූර්‍යාට නිරාවරණය නොවීම හේතුවෙන් පාසල් දරුවන්ට මෙම උණතාවය ඇතිව ඇති බවත් ඇය පවසනවා.

එමෙන්ම, හිරු එළියට අමතරව රතු මස්, පීකුදු, බිත්තර කහමද, සාලයා, සූඩයා, හුරුල්ලා, බෝලයා වැනි තෙල් සහිත මසුන්ගෙන් විටමින් ඩී ලබාගත හැකි බවයි ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය සුපුන් විජේසිංහ පවසන්නේ.

උදෑසන 10 සිට පස්වරු 3 දක්වා කාලය තුල දෛනිකව විනාඩි 15-30 අතර කාලයක් හිරු එලියට නිරාවරණය වීම අනුමත කරන බවත් ඔහු පවසනවා.


RECENT ARTICLES - SINHALA

මියගිය සැමියාගේ සිරුර දින තුනක් නිවසේ තබාගෙන

මියගිය සැමියාගේ මළසිරුර දින තුනක් පමණ නිවසේ තබාගෙන සුරතලයට ඇතිකරන සුනඛයාද සමග සිටී කාන්තාවක් දොරවල් කඩා ඉවතට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසනවා. පානදුර ඇටඹගොඩවත්ත ජනජය...

සීනි සමාගමේ මැෂින් දෙකක් යකඩ බඩු කඩයකට විකුණලා

සෙවණගල සීනි සමාගමේ කාපට් මැෂින් දෙකක් හොරකම් කර පරණ යකඩවලට විකුණා තිබියදී එහි ආරක්ෂක අංශය විසින් සොයා ගෙන සෙවණගල පොලිසියට භාර දී ඇති බව...

තැඹිලි ගෙඩියක් රුපියල් 2000 කට දෙන්න සැලසුමක්

තැඹිලි ගෙඩියක් රුපියල් 2000ක මුදලකට අපනයනය කිරීමේ වැඩ පිළිවෙළක් අරඹා ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. අපනයනය ඉළක්ක කර ගනිමින් තැඹිලි...

POPULAR ARTICLES

අධික උණුසුම අඩු වෙන මාසය ගැන දැනුම් දීමක්

මාර්තු මාසය දක්වා උෂ්ණත්වය අඩු වැඩි වශයෙන් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ වැඩිම උෂ්ණත්වය ඊයේ උදෑසන 8.30 න් අවසන් වූ පැය 24 තුළ...

පාසල් විෂයන් ගණන අඩුවෙන්නේ මෙහෙමයි

06 වන ශ්‍රේණියෙන් ඉහළ දරුවන්ට දැනට පාසලේදී හැදෑරීමට ඇති අනිවාර්ය විෂය සංඛ්‍යාව ඉදිරියේ දී විෂයන් 07ක් දක්වා අඩු කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය...

ගංගාරාම පෙරහැරේ අලි කුලප්පුවක් (වීඩියෝ)

කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහැර 45 වන වරටත් ඊයේ (23) රාත්‍රීයේ වීථි සංචාරය කිරීම ආරම්භ කෙරුණා. එහිදී හදිසියේම පෙරහැරේ ගමන් කළ අලින්...