31 C
Colombo
Monday, March 4, 2024

රාජ්‍ය සේවකයින්ට වසර 5ක නිවාඩුවක්

- Advertisement -

විශ්‍රාම වැටුප් හිමි රාජ්‍ය සේවකයන් හට දේශීය වශයෙන් වැටුප් රහිත නිවාඩු ලබාදීමේ කමිටු නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ජ්‍යෙෂ්ඨත්වයට හානියක් සිදුනොවන පරිදි උපරිමය වසර 05කට යටත්ව විශ්‍රාම වැටුප් හිමි රාජ්‍ය සේවකයන්ට දේශීය වශයෙන් නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත්කර තිබුණි.

පසුගිය ජුනි මස 13 වනදා අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අදාළ තීරණය ගෙන තිබුණි.

ඒ අනුව, අදාළ කමිටු නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිණිස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ මෙම යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

රිය අනතුරකින් විදේශිකයින් තිදෙනෙක් ඇතුළු 5කට තුවාල

දඹුල්ල - හබරන ප්‍රධාන මාර්ගයේ පැල්වෙහෙර ප්‍රදේශයේදී අද (04) උදෑසන බස් රථයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් මෝටර් රථයේ ගමන් කරමින් සිටි ප්‍රංශ ජාතික...

සමන් රත්නායක යළිත් අධිකරණයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක මහතා මීට සුළු වේලාවකට පෙර අධිකරණය වෙත රැගෙන විත් තිබෙනවා. පසුගිය මාර්තු 1 වන දින...

ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධිය ගැන විශේෂ සාකච්ඡාවක්

බස්නාහිර හා සබරගමුව පළාත්වල වාර විභාග ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධිය සම්බන්ධයෙන් අද (04) විශේෂ සාකච්ඡාවක් පැවැත්වනු ලබනවා. ඒ, අදාළ පළාත්වල අධ්‍යාපන බලධාරීන්ගේ සහභාගීත්වයෙන්. ප්‍රශ්න...

POPULAR ARTICLES

මාර්තු ඉන්ධන මිල ගණන් මෙන්න

මාර්තු මාසය තුළ පවතින ඉන්ධන මිල ගණන් සංශෝධනයකින් තොරව පවත්වාගෙන යාමට රජය තීරණය කර තිබෙනවා. මාසික ඉන්ධන මිල සංශෝධනයට අනුව ඊයේ (29) මධ්‍යම රාත්‍රීයේ...

විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

2024 වර්ෂය තුළ පැවැත්වීමට නියමිත පාසල් විභාග හා ඒවා පැවැත්වෙන දිනයන් විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව 2023 වර්ෂයට අදාළව පැවැත්වීමට නියමිතව තිබූ...

අද ඩොලරය

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද තවදුරටත් ශක්තිමත් වී තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (01) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට...