25 C
Colombo
Thursday, May 9, 2024

විරෝධතා නිසා ගෝල්ෆේස් ඇවිදින මංතීරුවට රුපියල් මිලියන 6.5ක හානියක් – SLPA

- Advertisement -

පසුගිය අප්‍රේල් සිට ජුලි අග දක්වා ගාලු මුවදොර ආශ්‍රිත පරිශ්‍රයන්හි පැවති මහජන විරෝධතාවන් හේතුවෙන් ගාළු මුවදොර පිටියේ ඇති ඇවිදින මංතීරුවට සිදුව ඇති හානිය රුපියල් මිලියන 6.5ක් බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය (SLPA) දන්වා සිටිනවා.

මාස ගණනාවක් පුරා පැවති විරෝධතාවල ප්‍රතිඵලයක් ලෙස අවට තාප්ප, කඩ සාප්පු සහ බංකු වැනි ඉදිකිරීම්වලට හානි සිදුව ඇති බව ද වරාය, ගුවන් සේවා සහ නාවික කටයුතු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා.

ඒ අනුව එම පරිශ්‍රයෙහි වෙළෙඳාමේ නියැලුණු බලයලත් වෙළෙන්දන් නැවත එහි වෙළෙඳ මෙහෙයුම් ආරම්භ කිරීමට පෙර, අදාල හානිය සිදු වූ ප්‍රදේශ ප්‍රතිසංස්කරණය කිරීමට වරාය අධිකාරියට සිදුව ඇති බව ද අමාත්‍යවරයා කියා සිටියා.

මේ අතර EconomyNext පවසන්නේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නියෝජිතයෙක් ඔවුන් හා පැවසුවේ, ගාලු මුවදොර ප්‍රදේශයේ කළමනාකරණ හා නඩත්තු කටයුතු භාරව ඇත්තේ වරාය අධිකාරිය යටතේ බවත් ‘ගෝඨා ගෝ ගම’ පිහිටි පරිශ්‍රය අයත් වන්නේ නාගරික සංවර්ධන අධිකාරියට බවයි.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පසුගිය අගෝස්තු මස මුල දී කියා සිටියේ ගාලුමුවදොර ප්‍රදේශයේ පැවති විරෝධතා හා උද්ඝෝෂණ හේතුවෙන් එම ප්‍රදේශයට සිදු වූ හානිය විරෝධතාකරුවන්ගෙන් මූල්‍යමය වශයෙන් අය කර ගත යුතු බවයි.

පසුව නාගරික සංවර්ධන අධිකාරිය විසින් එම මාසයේ අග දී අදාල භූමි භාගයට සිදු වූ හානිය තක්සේරු කළ අතර, එම හානිය රුපියල් ලක්ෂ 49ක් බවට තක්සේරු කළා.

ඒ අනුව එම භූමි භාගයේ නැවත තණකොළ සිටු වීම සඳහා වැය වන මුදල රුපියල් ලක්ෂ 47ක් බව ද තක්සේරු කළා.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ පැවති රජයට එරෙහිව නැගුණු මහජන විරෝධතාවේ මරමස්ථානය බවට පත් වූයේ ගාලුමුවදොර පිටිය හා ඒ ආශ්‍රිත ප්‍රදේශය වූ අතර හිටපු ජනාධිපතිවරයා ඉල්ලා අස් වීමෙන් පසුව පාර්ලිමේන්තුව තුළින් පත් වූ නව ජනාධිපතිවරයා වන රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ රජය විරෝධතාකරුවන්ට ඔවුන් වාඩි ලා සිටි භූමි භාගයෙන් ඉවත්ව යන ලෙස දැනුම් දුන් පසු එම පිරිස් ජුලි අග දී එම භූමියෙන් නිල වශයෙන් ඉවත් වීමට කටයුතු කළා.

RECENT ARTICLES - SINHALA

NMRA හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර අත්අඩංගුවට

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර මහතාව අද (08) අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැය 10කට ආසන්න කාලයක්...

ශ්‍රී ලංකන් පාඩුව ගැන අගමැතිගෙන් හෙළිදරව්වක්

ශ්‍රී ලංකන් ගුවන් සමාගම පසුගිය වසර දහයේදී (2014 -2024) රුපියල් කෝටි හතළිස් පන් දහස් හත්සිය අනූවකට වැඩි මුදලක් පාඩු ලබා තිබෙන බව අග්‍රාමාත්‍ය දිනේෂ්...

අහුංගල්ලේ වෙඩි තැබිමක්

Update : අහුංගල්ල වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මියගොස් තිබෙනවා. මෙසේ මිය ගොස් ඇත්තේ 55 හැවිරිදි පුද්ගලයෙක් බවට වාර්තා වනවා. අහුංගල්ල ප්‍රදේශයේ අද(08) සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව...