32 C
Colombo
Wednesday, May 15, 2024

සංක්‍රමණිකයින් රැගත් යාත්‍රාවක් පෙරළීමෙන් 60ක් මරුට

- Advertisement -

මධ්‍යධරණී මුහුදේ යාත්‍රා කරමින් තිබූ අනවසර සංක්‍රමණික යාත්‍රාවක් ගිලී යෑමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 60 දෙනෙක් මියගොස් ඇතැයි වාර්තා වනවා.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ, ලිබියාවේ සිට යුරෝපය බලා යාත්‍රා කරමින් සිටි අනවසර සරණාගතයින් රැගත් යාත්‍රාවක්.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ඉතාලිය හෝ මෝල්ටාව බලා එම යාත්‍රාව ගමන් කරමින් පැවති බවයි.

අනතුරට ලක්වී සිටි පිරිසෙන් පුද්ගලයින් 25 දෙනෙක් මුදාගැනීමට හැකිවී තිබෙනවා.

ස්වේච්ඡා සහන සේවා කණ්ඩායම් මෙම මුදාගැනීමේ මෙහෙයුම සිදුකර තිබුණේ ඉතාලි වෙරළාරක්ෂක සේවායේ ද සහයෙන්.

මධ්‍යධරණී මුහුද සැලකෙන්නේ, අනවසර සංක්‍රමණිකයින් ගමන් කරන ලොව වඩාත් භයානකම මුහුදු මාර්ගය ලෙසයි.

මේ වසර තුළ මධ්‍යධරණී මුහුදේ සිදුවූ අනතුරුවලින් මියගොස් ඇති සංක්‍රමණිකයින් ගණන 226ක් වනවා.

RECENT ARTICLES - SINHALA

මිලියන 9ක මත්ද්‍රව්‍ය තොගයක් තැපෑලෙන් ඇවිත්

මධ්‍යම තැපැල් හුවමාරුව වෙත විදෙස් රටවල් කිහිපයක සිට පැමිණි පාර්සල් කිහිපයක තිබී මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබෙනවා. ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සිදුකළ...

මහජන උපයෝගිතා කොමිසමේ ලොක්කෝ එළවන්න සේවකයෝ පාරට බැහැලා

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ වත්මන් සභාපති ඇතුළු සාමාජිකයින්ගේ ධූර කාලය දිගු නොකරන ලෙස ඉල්ලමින් මහජන උපයෝගිතා කොමිෂන් සභා සේවක සංගමය ආණ්ඩුක්‍රම ව්‍යස්ථා...

ඕලෙවල් ලියන අයට නිදහස් ලකුණු දෙකක්

පැමිණිලි ලැබුණු අ.පො.ස (සා.පෙළ) විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න දෙකක් සඳහා නිදහස් ලකුණු දෙකක් ලබාදීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ, විද්‍යා...

POPULAR ARTICLES

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...

නෙළුම් කුළුණෙන් පැන්න විදේශිකයෙක් වහලය උඩට වැටිලා

කොළඹ, නෙළුම් කුළුණේ බේස් පැනීමේ ඉසව්ව (Base Jump) අත්විඳිමින් සිටි විදේශිකයෙකු එම ඉසව්ව අතරතුර දී ඉන් ඇද වැටීමෙන් තුවාල ලබා තිබෙනවා. විදේශිකයාගේ පැරෂුටය විවෘත වීම...